මාස කිහිපයකට පෙර කිලෝවක් රුපියල් පහකටවත් අලෙවි කර ගැනීමට නොහැකිව තොග පිටින් විනාශකර දැමූ වට්ටක්කා කිලෝවක් ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් දෙසීය දක්වා මේ වනවිට මිල ඉහළ නැඟ ඇතැයි පාරිභෝගිකයෝ ප්‍රකාශ කරති.

හේන්වල බහුලව වගා කරන වට්ටක්කා වගාවන් පවතින නියං තත්ත්වය හේතුවෙන් විනාශ වීම මේ මිල ඉහළ යෑමට හේතු වී තිබේ. අධික ලෙස මිල ඉහළ යෑම නිසා මේ වනවිට බොහෝ එළවළු වෙළෙඳසල් හිමියන් වට්ටක්කා අලෙවි කිරීම අතහැර දමා තිබීමද සුවිශේෂී තත්ත්වයක් බව පෙන්වාදෙන පාරිභෝගිකයෝ මින් පෙර කිසිදු කාලයක වට්ටක්කා කිලෝවක් රුපියල් දෙසීය දක්වා ඉහළ ගිය වගක් තමන් අසා නැතැයිද කියති.

වෙනදා අනුරාධපුරය, කැකිරාව, සියඹලාණ්ඩුව හා වැල්ලවාය යන ප්‍රදේශවලින් බහුලව තොගපිටින් වට්ටක්කා වෙළෙඳපොළට ලැබුණු නමුත් මේ වනවිට වෙළෙඳපොළ වෙත වට්ටක්කා ලැබන්නේ ඉතා කලාතුරකින් බව මේ පිළිබඳව කළ විමසීමේදී පැවැසුවේ බදුල්ල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ එළවළු වෙළෙන්දෝ පවතින හිඟය මෙම මිල වැඩිවීමට හේතුව බවත්ය.මේ අතර මාස තුනකට පමණ පෙර තමන්ට සාධාරණ මිලක් නොලැබෙන බව පවසමින් වට්ටක්කා ගොවීන් දියත් කළ විරෝධතා හේතුවෙන් සහතික මිලකට වට්ටක්කා මිලදී ගැනීමටද රජයට සිදු විය.

LEAVE A REPLY