කොන්දොස්තරලා, බස් ඩ්‍රයිවර්ලා කියන්නේ යනකං ඉවසිල්ලක් නැති ඒත් නගිනකං ඉන්න බැරි මනුස්ස කොට්ඨාසයක්. හැබැයි නැග්ගට පස්සේ යන්නේ නැහැ. ගියත් බොහොම හෙමින් තමයි යන්නේ. එත් වෙලාව ලං වේගෙන එනකොට තමයි යන්න ඕනේ කියලා මතක් වෙලා තදියම්වෙන්නේ. ඔන්න ඉතිං ඊට පස්සේ ඇරලා යන්න පටන් ගන්නවා. වංචාවෙන් දියුණු වෙනවා නම් ලොකු අලාබහානියක් නැතුව කරන්න පුළුවන් හොඳම රස්සාව බස් කොන්දොස්තර කෙනෙක් වෙන එක. හිතහල්ලකෝ එකෙක්ගෙන් රුපියල ගානේ එක ටර්න් එකකට යටි මැඩි ගැහුවත් ටර්න් දෙක තුනක් යනකොට කීයක් එකතු වෙලාද. හැබැයි කොන්දොස්තරලා බස් ඩ්‍රයිවර්ලා හුඟක් අය හැමදාම ඒකම තැන.

ලංකාවේ මිනිස්සු පොදුවේ ගත්තම කිසිම විනයක් නැහැනේ. ඒ අතරින් බස් ඩ්‍රයිවර්ලාට කොන්දොස්තරලා ඉහලින්ම ඉන්නවා. ගිරිය පුප්පාගෙන කෑ ගහගෙන, කුනුහරප කියාගෙන, පොල්ල අල්ලං ඉස්සරහට යන්න කියලා කොල්ලන්ව තල්ලු කරලා කෙල්ලන්ව අතගාන, හුස්මක් ගන්න ඉඩක් නැති වෙන්න මිනිස්සු ඇසුරුම් කරන කොන්දොස්තරලා ගිය ආත්මේ සැමන් කම්පැනි කාරයෝද කියලා හිතෙන්නේ බස් වල යනකොට. එහෙමයි කියලා ඩ්‍රයිවර්ලාත් සෙකන්ඩ් වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ කාලය අමු අමුවේ කාලා දාලා විනාස කරලා, යන එන ගමන මූසල කරලා මුස්පේත්තු කරනවාට වග කියන්න ඕනේ ඔය ඩ්‍රයිවර්ලා. සමහර වෙලාවට ඇවිදින වේගෙන් බස් එක අරගෙන යන බස් ඩ්‍රයිවර්ලා තවත් වෙලාවක ඇතුලේ ඉන්න මිනිස්සුන්ට ගොක් කොළ පෙන්නන්නේ හීනෙන්ම නෙමෙයි. කුන්චනාද කරනවා වගේ හෝන් එක උඩ නැගගෙන කන්දොස්කිරියාවක් වෙන්නෙත් එයාලම තමයි.

ඔන්න ඔය වගේ කොන්දොස්තරලා බස් ඩ්‍රයිවර්ලා අපේ නිදහස අමු අමුවේ කාලා දානවා.
මේ අපි හැමෝටම තියෙන ගැටළුවක්…..

වෙන රටවල් වල පොදු ප්‍රවාහන සේවය කොයි තරම් දියුණුද…. හැබැයි අපේ රටේ මිනිස්සුන්ගේ විනයක් නැති කම නිසාම පොදුවේ හැමෝටම විඳවන්න සිද්ද වෙලා තියෙනවා. ඒකට කොන්දොස්තර ඩ්‍රයිවර් විතරක් නෙමෙයි. අපි හැමෝම වගකියන්න ඕනේ.

LEAVE A REPLY