තම ශරීරයේ අවයව කොටස් දාහතරක් මෙලොව ජීවත් වීමේ පුද්ගලයන්ට ලබා දී මියගිය යුධහමුදා විශ්‍රාමික මේජර් වරයකු පිළිබඳ පුවතක් ගලේවෙල ඇතා බැඳිවැව තලකිරියාගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඔහු 44 හැවිරිදි එම්. ජී. ජයවීර නම් තිදරු පියෙකි.
යුද හමුදා කොමාන්ඩෝ බලකායේ විශ්‍රාම යෑමෙන් පසු කොළඹ ෂ්‍රැංග්‍රිලා හෝටලයේ පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවය කළ අයෙකි.

හිසේ අභ්‍යන්තරයේ පැවති ගෙඩියක්පුපුරායෑමෙන් ඔහුමියගොස්ඇතැයි ඥාතීහු ප්‍රකාශ කර ඇත.
මෙම කොමාන්ඩෝ බලකායේ සෙබලාගේ ශරීරයේ සියලු ඉන්ද්‍රියන් ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව තිබීම හේතුවෙන් ඔහුද මිය යන්නට පෙර ඥාතීන් සමඟ පවසා ඇත්තේ තවත් අයෙකුට ජීවත්වීමට තම ශරීරයේ කොටස් ලබා දීමට අවශ්‍ය බවය.

ඒ අනුවමියගියජයවීර විශ්‍රාමික කමාන්ඩෝ සෙබළාගේ බිරිඳ වන කේ. ජී. ධම්මිකා කුමාරි වීරසේකර (39 ) ප්‍රකාශ කර ඇත්තේ තම සැමියාගේ ඇස්, වකුගඩු අගන්‍යාශය, හදවත,ලේ,මස්,දණහිස් ඇතුළු ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දාහතරක් දන් දීමට කැමැත්ත පළ කළ බවය.

තමසැමියාමියගියදතවත් අයෙකු තම සැමියා වෙනුවෙන් ජීවත්වීම සතුටට පත්වෙන බව ඇය ප්‍රකාශ කර ඇත.
ඔහුගේ මව වකුගඩු රෝගයෙන් පීඩා විඳින්නියක් බවටත් වාර්තාවන අතරසිය ඉන්ද්‍රියන් දාහතරක් මෙලොව ජීවත්වෙද්දී පරලොවගියසෙබළාගේ අවසන්කටයුතුඅද (8) සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY