බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ පැවති තරඟය ශ්‍රී ලංකාව ජයගත්තා.ඉන් අනතුරුව පැවති  මාධ්‍ය හමුව සඳහා පැමිණියේ ඊයේ විශේෂ අවධානයක් දිනාගත්ත ඇන්ජලෝ මැතිව්ස්. වසර 1 1/2 කට පසුව පන්දු යැවූ මැතිව්ස් යැවූ පළමු පන්දුවෙන්ම කඩුල්ලක්දවා ගත්තා.මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මැතිව්ස් මෙසේ පැවසුවා.

“මම මාස 8කින් බෝල් කරලා තිබ්බේ නැහැ .අපිට බැරිවුනා 40න් පස්සේ ස්පිනර් කෙනෙක් දාන්න.ඉතින් මම දැක්කා දිමුත් කවුරු හරි හොයනවා. මම කිව්වා මම ඕවර්ස් දෙකක් දාල දෙන්නම් කියල.මම කිව්වා දිමුත්ට අපි බලමු මාලින්ගගෙනුයි ,උදානගෙනුයි පුරන් ව අවුට් කර ගන්න නැත්තන් මම 48යි 50යි දාලා දෙන්නම් කියලා.”

අද තරඟයේ පිච් එක හොඳට තිබ්බ .එදා මැච් එකේ උනේ පාරවල් වලටගහන්නයන්න ඉඩ තිබ්බේ නැ.හැබැයි අද තරඟයේ බොලේ හොඳට බැට්  එකට ආවා. ඒවගේම කියන්න ඕනේ අවිශ්ක ඉතාම පරිනත ක්‍රීඩකයෙක් වගේ හොඳට සෙල්ලම් කළා.”ඒ වගේම විදෙස් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් ඇන්ජලෝ මැතිව්ස් මෙසේ පැවසුවා.

“ලෝක කුසලානයට කලින් මගේ පන්දු යැවීමේ හැකියාව වර්ධනය කරගන්න ලොකු අවස්තවක් ලැබුනේ නැහැ.හැබැයි අද තරඟය මට අවස්තාව හිමිවුණා.පන්දුවාර දෙකකින් මම ඉනිම ආරම්බ කළා. මින් ඉදිරයට මම පන්දු යවලා මගේ හැකියාව වර්ධනය කරගැන්නවා”

මැතිව්ස් දැක්වූ අදහස් පහතින් නරඹන්න…

තරඟයේ විශේස අවස්ථා පහතින්…

LEAVE A REPLY