රාජිත සේනාරත්නට ලැබුණු සුවපති සම්මාන නාමය බොරුවක් බව ලෝක සෞඛ්‍ය  සංවිධානය විසින් හෙළි කර ඇතැයි  රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.රාජිත සේනාරත්න පවසන් ආකාරයට තමන් සෞඛ්‍ය  ක්ෂේත්‍රයට සිදු කල සේවය ඇගයීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය උප සභාපති තනතුරක් ලබා දී සුවපති කිරුළක් ප්‍රධානය කල අතර ඒ සඳහා මිලියන 6.7ක ඇති විශාල උත්සවයක් සංවිධානය කරමින් ජනතා මුදල් නස්තියක්ම නිකරුනේ සිදු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එහි දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජිත සේනාරත්න ගේ ක්‍රියාකලාපය මෙසේ විස්තර කරනු ලැබුවා.රාජිතට අනුව අදාල උත්සවය සංවිධානය කර ඇත්තේ වෘත්තීය සමිති එකතුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයයි. එසේ වුවත් ඒ සඳහා සිදු කල මුදල් පිලිබඳ සවිස්තරාත්මකව කීමට රාජිතට හැකි වීම හාස්‍යජනකයි. ඒ අනුව පහැදිලි වෙන්නේ සුවපති උත්සවය තමන් විසින් තමන්ටම උපහාර පිරිනමා ගැනීමට රජිත් විසින් සංවිධානය කොට ඇති බවයි.

පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් කරුණු හෙළි වීමත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා වෙත කරුණු පැහැදිලි කරමින් ලිපියක් භාර දී තිබෙනවා. එහි ඇමතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු කීපයක් මතුකොට දක්වා තිබෙනවා.

1 ලෝක සෞඛ්‍ය සංවිධාන තනතුර ඇමතිවරයා තම දේශපාලන ප්‍රතිරූපය ඔසවා තැබීම සඳහා අවභාවිත කිරිම.

2 අදාල තනතුර තමාගේ සුවිශේෂී සේවය ඇගයීම සඳහා ලබා දුන් සුවිශේෂී එකක් බව ඇමතිවරයා විසින් ඇඟවීම.

3 අදාල උත්සවයට මුල්‍ය අනුග්‍රහය සැපයීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇති බලය

මේ පිළිබඳව මෙරට නියෝජිත කාර්යාලය මෙතෙක් නිශ්චිත ප්‍රතිචාරයක් සංගමය වෙත ලබා දී නැතත් ශ්‍රී ලංකා කාර්යාලයේ නියෝජිතයෙක් පුවත්පත් සාකච්ඡාවකදී මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැහැදිලි කර තිබෙනවා.

1 මෙම තනතුර යම්කිසි රටකට ලබා දෙන තනතුරක් වින පුද්ගලයෙක් කල සුවිශේෂී සේවාවන් සඳහා ලබා දෙන තනතුරක් නොවේ.

2 ලෝකය පුර භූගෝලීය කලාපයන් අතර මෙම තනතුර හුවමාරු වෙයි.

3 රටේ ජනාධිපතිවරයා රට නියෝජනය කරන සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් කර තිබුනේ රාජිත නිසා රට වෙනුවෙන් එම තනතුර භාරගත්තේ  ඇමතිවරයා විසින්.

4 මෙම තනතුර කිසිසේත්ම ගැසට් කරන ලද ගෞරව තනතුරක් නොවේ.

ඉහත කරුණු අනුව ලෝක සෞඛ්‍ය  සංවිධානයේ නියෝජිතක් විසින්ම ඇමති රාජිතගේ බොරුවහෙළි කර ඇති බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

ලෝක සෞඛ්‍ය  සංවිධානය මේ සඳහා උළෙලක් සංවිධානය කිරීම සහ ඒ සංධ මුල්‍ය අනුග්‍රහය දැක්වුයේ බව කියන ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම නියෝජිතයා කිසිඳු අදහසක් පළ  කර නැහැ.

ලෝක සෞඛ්‍ය  සංවිධානය මෙරට ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් වෙන් කරන මුදල් කිසිවකුගේ දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා අවභාවිත නොකළ යුතු බවත් අදාල කාරණය සම්බන්ධයෙන් මෙරට නියෝජිතඅ කාර්යාලය කරුණු දැක්විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය කියා සිටිනවා.

එමෙන්ම පසුගියදා කළුතර රෝහලේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් සිදු කල යුතු බවත් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

 

 

 

LEAVE A REPLY