ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් තරඟයක් අද පැවැත්වෙනවා ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගයි.එහිදී මාධ්‍ය සාකච්ඡාවකට එක වෙමින් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න මෙසේ පැවසුවා.

“ලෝක කුසලාන තරගාවලියේ මේ අසාර්ථකත්වයට පන්දුවටපහරදීමේ දුර්වලතාව ප්‍රධාන සාධකයක් බවට පත්වුණා. අපිට තරග පහකදී ශතකයක් රැස්කරන්න බැරි වුණා. අර්ධ ශතක කීපයක් විතරයි රැස්කළේ. අපිට ලකුණු පුවරුවට ලකුණු එකතු කරන්න බැරි වුණා පන්දු යවන්නන් දස්කම් දැක්වුවා. නමුත් පිතිකරුවන් දස්කම් දැක්වුයේ නෑ. ඒකයි අපිට මෙහෙම වුණේ. අපිට තාමත් බැරි වෙලා තියෙනවා ලකුණු 250 ක් රැස්කරන්න. ලකුණු 200 හෝ 220 ක් ගහලා පන්දු යවන්නන්ට කියන්න බෑ මේක ආරක්‍ෂා කරන්න කියලා. පිතිකරුවන් වගකීම ගන්න ඕනේ”

“බටහිර ඉන්දීය කොදෙව් පිලේ වේගයෙන් පන්දුවට පහරදෙනපිතිකරුවො රැසක් ඉන්නවා. ඒ වගේම හොඳ පන්දු යවන්නොත් ඉන්නවා. අපි ඔවුන්ගේ වීඩියෝ නරඹලා සැලසුම් කරලා තියෙනවා. අපි හොඳින් පන්දුවට පහර දීලා ලොකු ලකුණු සංඛ්‍යාවක් රැස්කළ හොත් ජය ගන්න පුඵවන් ඉදිරි තරග දෙකේදී අපේ උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා අපිට තාම අවස්ථාවක් තියෙනවා අවසන් පූර්ව තරගයට එන්න. නමුත් ඒ සෙසු කණ්ඩායම්වලට වෙන දේවල් සමගයි.දකුණු අප්‍රිකානු තරගය ජය ලැබුව නම් අපිට ඉතිරි තරග දෙකත් ජය ලබා අවසන් පූර්ව තරගයට පහසුවෙන් එන්න තිබුණා. නමුත් දැන් අනෙක් කණ්ඩායම්වලට වෙන දේවල් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. අපි එහෙම වෙන්න ඕන කණ්ඩායමක් නෙවෙයිbවේග පන්දු යවන්නෙක් කණ්ඩායමෙන් ඉවත් වුණේ ඒ නිසා අපි වේග පන්දු යවන්නෙකු ලබා ගන්නවා. කසුන් අද තරගයට ක්‍රීඩා කරයිද කියලා දැම්ම කියන්න බෑ”

LEAVE A REPLY