ලෝකය පුරා ඇති වන දේශගුණික වෙනස්වීම් වලට සාපේක්ෂව යුරෝපිය රටවල උෂ්ණත්වයද මේ දින වල අධික ලෙස ඉහල යමින් තිබෙනවා.

Saharan Bubble ලෙස නම් කර ඇති මෙම උෂ්ණත්ව විපර්යාසය සිමා ඉක්මවා යමින් ඊයේ සහ අද දින ඉහලම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහල ගොස් තිබෙනවා.

මෙම උෂ්ණත්ව ඉහල යාම පාලනය කිරීම සඳහා බොහෝ යුරෝපිය රජයන් කඩිනමින් විවිධ පියවර ගනිමින් සිටිනවා. පසුගිය දින වල විවිධ රටවල දේශගුණික විපර්යාසයන්ට අහිතකර බලපෑම් ගෙනෙන කටයුතු නැවත දමන ලෙස ඉල්ලමින් ජනතා විරෝධතවයන්ද  ක්‍රියාත්මක වුනා.

පැරිසිය පසුගියදා වායු දුෂණය පාලනය කිරීමේ අරමුණින් ප්‍රමිතියෙන් තොර වාහන මිලියනයක් භාවිතයෙන් ඉවත් කරනු ලැබුවා.

ප්‍රංශයේ උණුසුම් වෙරලක් කිමිදෙමින් සිටි පුද්ගලයන් තිදෙනෙක්ද ඊයේ දිනයේ_මියගොස් _තිබෙනවා.

 

LEAVE A REPLY