මීට දින තුනකට පෙර නැගෙනහිර පලාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට ගෙන්වාගෙන තිබේ. මේ සදහා බැසිල් රාජපක්ෂ මහතා ද හවුල් වී තිබෙන අතර රාජපක්ෂ මහතාගේ ආරක්ෂක  නිළධාරින් විසින් මෙම පුවත තහවුරු කරන ලදි.

එලෙස හොර රහසේ හිස්බුල්ලාව සිය නිවසට ගෙන්වාගත් විපක්ෂ නායකවරයා පවසා තිබෙන්නේ ඔබට සිදු වූයේ අසාධාරණයක් බවත්. ජනාධිපතිවරයා එසේ නොකල යුතු බව තමන් සිතන බව ය. මෙහි දී තමන්ගේ කාලය තුල දී මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙනී සිටි බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා තිබේ.

මේ අතර තමන් සමග එක් වී ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා තිබේ.

මේ අතර හිස්බුල්ලා මහතා විපක්ෂ නායකවරයාට පවසා තිබෙන්නේ තමන්ට ඉල්ලා අස් වන ලෙසට ජනාධිපතිවරයා බල නොකල බවත්, ඉල්ලීමක් පමණක් සිදු කල බවත් ය. රට තුළ නැවත සාමකාමී සහ සංහිදියාවෙන් යුතු පරිසරයක් ගොඩ නැගීම පිණිස තමන් ඇතුළු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් වූ බව ද හිස්බුල්ලා එහි දී පවසා තිබේ.

මේ අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සහරාන් වැඩ කලේ වත්මන් ආණ්ඩුවට අවශ්‍ය පරිදි හැගවෙන පරිදි අදහස් ප්‍රකාශ කර ලෙසද මහින්ද විසින් හිස්බුල්ලාගෙන් ඉල්ලීමක් කර ඇත.එමෙන්ම ඉදිරියේදී පාර්ලිමේන්තු අසුනක් පොදුජන පෙරමුණෙන් ඔහුට ලබාදෙන බවත් ඒ සදහා බැසිල් රාජපක්ෂ මහතා සමග සාමාජිකත්වය පිලිබදව වැඩි දුරටත් සාකච්ජා කර ලෙසත් සාකච්ජා වී ඇත.

LEAVE A REPLY