සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සුවදුක් විමසීම ඇතුළු කටයුතු කිහිපයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (11) සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව ඇත. සිය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ ද සමඟ සිංගප්පූරුව බලා පිටත් වන අග්‍රාමාත්‍යවරයා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 15 වනදාය.

ගෝඨාභය රාජපක්ෂව හමුවීමට අමතරව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සිංගප්පූරුවේදී තවත් වැදගත් විශේෂ සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

වෛද්‍ය පරීක්ෂණයක් සදහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලට ගිය අවස්ථාවේදී හෘදය ආශ්‍රිත ආබාධ තත්වයක් ඇති බවත් ශල්‍යකර්මයක් කළ යුතු බවටත් ගෝඨාභය රාජපක්ෂවට වෛද්‍යවරුන් විසින් දන්වා ඇත. ඔවුන් පෙන්වා දී ඇත්තේ හෘදය නාල අවහිරතාවන් ඇති නිසා සැත්කමක් සිදුකර එම අවහිරතා ඉවත් කළ යුතු බවය.

LEAVE A REPLY