අද දිනයේ ජාතික හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය හමුවක් එහි මහලේකම් පාඨලී චම්පික රණවක මහතාගේ මුලිකත්වයෙන් පැවැත්වුනා. එහිදී වර්තමානයේ රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව මුලික වශයෙන් අදහස් දැක්වූ අතර විධායකය හා ව්‍යවස්ථාධායකය අතර පවතින ගැටුම් නවත්වා රට ඉදිරියට ගෙනයා යුතු බව අවධාරණය කෙරුනා.

මාධ්‍ය වේදීන් අසු ප්‍රශ්නවලටද එම අවස්ථාවේ පිළිතුරු දෙනු ලැබූ අතර රැස්ව සිටි මාධ්‍යව්දින් පාඨලී අමාත්‍යවරයාගෙන් විමසුවේ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට විවිධ මත පල වන අතර එහි සත්‍ය තාවය කුමක්ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් මෙගාපොලිස් ඇමතිවරයා පිළිතුරු දුන්නේ ජනතාව හෝ මාධ්‍ය එක එක ඒවා කිව්වට ඒවා සත්‍ය නොවන බවයි. තමා ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනතාවට හෝ මාධ්‍යට එය තීරණය කිරීමට හැකියාවක් නොමැති බව කියා සිටි ඔහු සිය සහයෝගය ලබා දෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බව කියා සිටියා.

ඒ අවස්ථාවේ අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින් නරඹන්න…

LEAVE A REPLY