කොළඹ මහනුවර අධිවේගී මාර්ගය කාලයක් තිස්සේ මෙරට දේශපාලකයින් ගේ සහ දේශපාලන පොරොන්දු ගොන්නේ ප්‍රධානම මාතෘකාවක් වූ බව කාටත් නොරහසක්. වරෙක මුල්ගල් තබමින්ද ඒවා ගලවා වෙනත් තැන්වල ඒවා යලි සවිකරමින්ද නුවරට පැයෙන් යාමේ සිහිනය රටට පෙන්වමින් දේශපාලකයෝ එක එක කතාන්දර කිවේය…

කෙසේ වෙතත් 2015 බලයට ආ වර්තමාන ආණ්ඩුව කඩවත සිට නුවරට පැයෙන් යන්නන්ට අධිවේගී මාර්ගය සිග්‍රගාමිව හදන්නට ටෙන්ඩර් කැඳවුයේ කොටස් හතරකින් වන අතර එහි මුල මැද අග ආණ්ඩුවටවත් සොයා ගන්න්නට් හැකිදැයි අප නොදනිමු. එයට හේතුව කඩවත සිට මිරීගමට ප්‍රමුඛතාවය දිය යුතු වුවත් එය සිදුවන්නේ ජනතාවට අවශ්‍ය ආකාරයට නොව ආණ්ඩුවේ ඇමතිලාගේ චන්ද පදනමේ අවශ්‍යතාවය අනුව වීම ජනතාවගේ අභාග්‍යකි…

ඒ කතන්දර එසේ වුවත් මුල මැද අග නැතුව හදන මේ මාර්ගයේ පැයෙන් නුවර යාම වෙනුවෙන් විනාශ කර දමනා පරිසරය හා ඒ හා බැඳුනු ග්‍රාමීය ජන ජීවිතය දෑසින් දකින විට ඉවසා ගැනීමට පවා නොහැකිය. ජල මුලාශ්‍ර හා වන භුමි විනාශ කරමින් කාරනා මේ සංවර්ධනය කොතරම් විනාශයක් කරනවාද කියා තේරුම් ගන්නට මිනිත්තු 5ක් වැය කොට මේ වීඩියෝව නරඹන්න…

LEAVE A REPLY