පාස්කු ඉරිදාප්‍රහාරයදියත් කළ අන්තවාදීකණ්ඩායමේ ආරම්භයේ පටන් ඔවුන් සම්බන්ධව බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබූ බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති එම්. අයි.එම්. රිසිවි මව්ලවිතුමන් අද(11), පාස්කුඉරිදාප්‍රහාරයසම්බන්ධ විමර්ශනයට පත්කළ විශේෂ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.

2014 වසරේ ජූලි මස 4 වැනිදා මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් මෙම කණ්ඩායම සිදුකරණ වෛරීප්‍රකාශසම්බන්ධව දැනුවත් කළ බව සාක්ෂි ඉදිරිපත් කරමින් රිස්වි මව්ලවිතුමා ප්‍රකාශ කළේය.

බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම් සහ ශුද්ධ වූ අල් කුර් ආනය සම්බන්ධව සිදුකරණ අසත්‍ය මත පැතිවරවීම හේතුවෙන් මෙම ඉස්ලාම් ආගමික අන්තවාදීකණ්ඩායම්පැන නැගුණු බව මව්ලවිතුමා ප්‍රකාශ කළේය.

අලුත්ගම ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව සිදුවූ අන්තවාදීප්‍රහාරයෙන්පසු පළමුවරට අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ සිතුවිලි මෙරට මුස්ලිම් ජනතාව තුළ ඇතිවූ බවත් මව්ලවිතුමා පැවසීය.

එසේම පසුගිය ජනවාරි මස 3 වැනිදා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවී පාස්කුප්‍රහාරයේමහමොළකරු ලෙස සැළකෙන සහරාන්ගේ දේශන ඇතුළත් සීඩී පට ලබාදුන් බවත් මව්ලවිතුමා පැවසීය. ඉන් පසුද මෙරට ආරක්ෂක අංශ ඒ සම්බන්ධව ගත් ක්‍රියාමාර්ගයක් නැති බව මව්ලවිවරයා පවසා සිටියේය.

LEAVE A REPLY