ඉන්ධන මිල සූත්‍රය අනුව ඊයේ රාත්‍රියේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහල දමා තිබේ. ඒ අනුව එම වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 138කි. අනෙක් කිිසිදු ඉන්ධන වර්ගයක මිල සංශෝ්ධනයක් සිදු කර නැත.

මංගල සමරවීර අමාත්‍යවරයා මෙසේ ඉන්ධන මිල ඉහල දමන්නේ රෙදි ඇඳගෙනද යන්න ජනතාවට ඇති ප්‍රධාන ගැටලුවයි. ඉන්ධන මිල සඳහා මිල සුත්‍රයක් ඉදිරිපත් කරමින් ඉදිරිපත් කරමින් මංගල අමාත්‍යවරයා පම්පෝරි ගැසුවේ එම සුත්‍රය මගින් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල වැඩි වනවිට ලංකාවේ තෙල් මිල වැඩි වනවා සේම ලෝක වෙළෙඳපොලේ මිල අඩුවනවිට ලංකාවේ තෙල් මිල අඩු වන බවයි.

නමුත් මේ බහුබූත මිල සුත්‍රය එසේ ක්‍රියාත්මක නොවන බව පෙනෙන්නට තිබේ එයට හේතුව පසුගිය මාසය පුරාවට තෙල් බැරලයක මිල ඩොලර් 10ක් පමණ අඩු වී ඇත එයට සාක්ෂි පහත අයුරින් දැක්විය හැක.

මංගලලාට කියන්නට ඇත්තේ මෙසේ ජනතාව රවටනවාට එරෙහිව ජනතාව අදාල අවස්ථාවේ නියම තීන්දුව ගන්නට සුදානම් බව සහ එයට සුදානමින් සිටින්නට කියයි.

 

LEAVE A REPLY