භූමිකම්පා ඇතිවන්නේ සහ උද්ධමනය ඉහළ යන්නේ කලිසම් අඳින කාන්තාවන් නිසා දෙවියන් කෝප වීම හේතුවෙන් යැයි පකිස්තානය ඉස්ලාමීයඅන්තවාදීසංවිධානයක් වන ‘ජමියා ඊ ඉස්ලාම් ෆසාල්’ නායක මෞලානා ෆස්ලුර් රෙහ්මාන් සඳහන් කරයි.

‘ජමියා ඊ ඉස්ලාම් ෆසාල්’ සංවිධානය පාකිස්ථානයේ තහනම් සංවිධානයක් වන තලේබාන් සංවිධානය සමගින් සබඳතා පවත්වයි.

පකිස්ථානයේ සැබෑ සතුරාවන්නේ තලේබාන් සංවිධානය නොව දෙවියන් කෝපකරන්න කලිසම් අඳින කාන්තාවන් බවත් පකිස්තාන රජය කළ යුත්තේ කාන්තාවන්ට එරෙහිව සංග‍්‍රාම මෙහෙයුම් ආරම්භ කිරීම බවත් ඔහු වැඩිදුරටත් කියා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ දිනවල ශ්‍රී ලංකාව තුලද මුස්ලිම් සමාජය තුල පවතින මෙවැනි විශ්වාස හා පිළිගැනීම් සහ ඒවාට අදාලව එම ජනතාව සිය ඇඳුම් ආයිත්තම් මෙන්ම සිය ජිවන රටාව පවා වෙනස් කරගැනීම පිළිබඳව වාර්තා වුවා. ආගම ජාතිය කෙසේ වෙතත් ඒ සියල්ලට ඉහලින් මිනිසත්කම ඉදිරයට ගෙන ජිවත් වනවානම් රටක් ලෙස අප සියලු දෙනාට ඉදිරියට යාමට හැකියාව ඇති බව කිව යුතුය.

LEAVE A REPLY