ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරඟය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි.

එම තරඟයට පෙර කුසල් ජනිත් පෙරේරා ICC ය විසින් කළ වීඩියෝවකදී මෙවන් අදහසක් පළ කර සිටියා.

” මම හිතනවා නිතරම නිවිලා ඉන්න චරිතයක් වෙන්න. මට ඕනේ පන්දු වාර 40 වෙනකන් ක්‍රීඩා කරන්න. මම පොඩි කාලේ දකුණත් පිතිකරුවෙක් නමුත් සනත් ජයසුරියව දැක්කට පස්සේ මම වමතින් ගහන්න පුරුදු වුණා. ඔහු ගහන විදියටම පාරවල් ගහන්න මම මහන්සි වුණා. අද අපි මුහුණ දෙන බංග්ලාදේශයේ දුර්වල තැන් ශක්තිමත් තැන් අපි දන්නවා. ඒ වගේම මගේ අඩුපාඩුත් මම දන්නවා. අපි අපේ දුර්වලතා හදාගෙන ක්‍රීඩා කළොත් අපිට ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්. ඒ වගේම මම කඩුලු රකින්න කැමතියි මොකද මට පන්දුව හොඳට පේන නිසා ඉතින් මම හිතනවා මට පන්දුවට පහරදෙන විටත් පන්දුව හොඳින් පෙනෙන්නේ මේ කරණය නිසා කියලා.”

LEAVE A REPLY