පසුගිය ඉන්දීය මහ මැතිවරණයෙන් තමා මෙහෙය වූ කොංග්‍රස් පක්ෂය පරාජයට පත්වීම නිසා කොංග්‍රස්‌ පක්‍ෂයට නව නායකයකු පත්කරගන්නා ලෙස එම පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පක්‍ෂයේ භාණ්‌ඩාගාරික සහ පක්‍ෂ ලේකම් කේ. සී වෙනුගෝපාල්ගෙන් ඉල්ලා ඇත.

එහෙත් ඉන්දීය කොංග්‍රසය පක්‍ෂය පවසන්නේ රාහුල් ගාන්ධිගේ නායකත්වය තවදුරටත් පක්‍ෂයට අවශ්‍ය බවයි. එසේ වුවත් තම තීරණය වෙනස්‌ කරන්නේ නැති බව රාහුල් ගාන්ධි කියා සිටියි.

මේ අතර ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඉන්දීය හමුදාවට එරෙහිව කොංග්‍රස්‌ පක්‍ෂය විවිධ ප්‍රකාශ කිරීම නිසා මැතිවරණ පරාජයට හේතු වූ බවයි.

කොංග්‍රසය ඉන්දීය හමුදාව විවේචනය කරද්දී ජාතිකවාදී ප්‍රතිපත්ති අනුග්‍රමනය කළ භාරතීය ජනතා පක්ෂය දිගින් දිගටම ඉන්දීය හමුදාව වෙනුවෙන් පෙනී සිටි අතර එයත් එම පක්ෂයේ විශිෂ්ඨ ජයග්‍රහණයට හේතූ වූ බව විචාරකයන් පෙන්වා දෙනවා.

LEAVE A REPLY