මේක මං ඇතුලු අපේ පවුලේ හැමෝම භාවිතා කරන හොදම ප්‍රතිඵල තියන තෙල් එකක් කොණ්ඩෙ යන අයට යන වේගෙන්ම වවා ගන්න පුළුවන් මේ තෙල් එකෙන් සත්කාර කලොත්. හරි දැන් අපි මේ තෙල් එක හදමු.😊

⚘අවශ්‍ය ද්‍රව්‍ය

*ඔලිව් තෙල්

*එඩරැ තෙල්

*තල තෙල්

*පිරිසිදු සුදු පොල් තෙල් ඒ වෙනුවට තැබිලි තෙලුත් හොදයි

*විටමින් E කැප්සුල් 15 ක් විතර අවශ්‍ය වෙනවා

හණ ඇට ටිකක් වැඩිපුර

*බෙහෙත් නෙල්ලි ගෙඩි කිහිපයක් කෑලි කපා

*කෝමාරිකා අතු කැබැල්ලක මදය ටිකක් වැඩිපුර

කුඩු කර ගත් අබ ඇට ටිකක්

කළුදුරු ටිකක්

සපත්තු මල් ටිකක්

ග්‍රේට් කරගත් කැරට් ටිකක් වැඩිපුර

*මුකුණුවැන්න ටිකක්

*ගොටුකොළ ටිකක්

*කරපිංචා ටිකක් වැඩි පුර

*කොහොඹ කොළ

*උලු හාල් ටිකක්

*රතු ළූණු ගෙඩි ටිකක් වැඩිපුර

*සුදු ළූණු බික්

*ඉගුරු කැල්ලක්

කළු තල

සාදන ආකාරය

තෙල් වර්ග හැම එකකින්ම කාල ගානේ එකතු කරලා තෙල් බෝතලේ හදා ගන්න.තෙල් බෝතලයක් හදනවා නම් මේ හැම එකකින්ම ග්‍රෑම් 20 ගානේ වැඩිපුර කියලා තියෙන වර්ග ග්‍රෑම් 30 ක් වෙන්න එකතු කරන්න.

ඒ වගේම මේ ටික හෝදලා මද පවනේ වියළා ගන්න වතුර ටික වියලෙනකන් මොකද වතුර තිබුනාම තෙල් මුඩු වෙනවා

මුලින්ම සෝදා වේලාගත් ද්‍රව්‍ය ටික බ්ලෙන්ඩර් එකට දාල කොළ වර්ග ටික ඇට වර්ග ටික හොදාන් අබර ගන්න. ඉගුරු ළූණු, සුදු ළූණු ටිකත් අබර ගන්න ගන්න. ඊට පස්සේ පොල්තෙල් ටික භාජනයකට දාලා මේ සමග කොළ වර්ග දාලා රත් කරන්න ඒවායේ කොළ පාට ගතිය යනකම් මද ගින්නේ හොදේ. කොළ පාට ගතිය ගියාම ඇට වර්ග ඉගුරු සුදුළුනු ළුණු එකතු කර ටික වෙලාවකින් ලිපෙන් බාල තලතෙල් එකතු කරන්න.ටික වෙලාවකින් ළා රස්නේ තියෙද්දීමඔලිව් තෙල්, එඩර් තෙල්, විටමින් E එකතු කරගන්න.ඊට පස්සේ මේ මිශ්‍රණය හොදින් නිමෙන්න තියන්න නිමුනට පස්සේ හොදින් පෙරාගෙන බෝතලයකට දාගන්න.

දැන් හරි තව ටිකක් හිසකෙස් ලස්සන වෙන්න නම් කලර් කර ගන්න නම් ඔයාලට පුළුවන් කැරට් එක්කම බිට් ටිකකුත් ග්‍රේට් කරලා දාන්න. එක දෙයක් දැන් මේක ගාලා කැකෝ ගාන්න එපා අර මහදුරු තේ එකට වගේ.මහදුරු තේ එකට ගොඩක් අය කෙට්ටු උනා සමහරු නැ.ඒ එක එක්කෙනාගේ ඇගේ හැටි.ඒ වගේ අනේ මගේ කොන්ඩේ දික් උනේ නැනේ කියලා කියන්න එපා.අපේ අක්කගේ දුගේ සතියෙන් දිග් උනාලු.එයා රැට ගාලා පොලිතින් එකකින් කවර් කරලා නිදා ගෙන තියන්නේ.රැට ගාන්න බැරි අය උදේ ගාන්න.දවල් වෙලා නාන්න.මේකට හිසේ රෝග සියල්ලම හොද වෙනවා හිසකෙස් ලස්සණ පාටක් වගේම හිස්සොරි උකුණෝ නිට්ටාවට සුව වෙනවා .අකලට හිසකෙස් සුදු වෙන එක නවතිනවා.

එක් එක්කෙනා අනුව දික් වෙන ප්‍රමාණය දික් වෙන්නේ. නිරෝගී පිරිපුන් කොණ්ඩයක් ලැබෙයි දික් වෙන අයගෙ අනිවාර්යෙන්ම දික් වෙයි😊 results මටත් කියන්න අමතක කරන්න එපා…

මේ තෙල් එක රැට ගාන අය උදේට බිත්තරයක් කඩලා එකට ඇපල් විනාකිරි ටිකක් එකතු කරලා හිස්කබලට දාලා හොදින් මසාජ් කරලා තියලා නාන්න. උදේට ගාන අය නාන්න පැයක් තියලා මේක ගාන්න.හොදම ප්‍රථිපල ලබා ගන්න පුළුවන්.බිත්තර වලට කැමති නැති අය යෝගට් ගන්න.මේ දෙකම කලොත් සතියෙන් හිතා ගන්න බැරි වෙනසක් තියෙයි.

හෙම්බිරිස්සාව හැදෙයි කියලා බය වෙන්න එපා එහෙම බය අය අබ ඉගුරු හණ ඇට ටිකක් වැඩිපුර දාන්න.

100%ක් අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි ගාල බලන්න. ප්‍රතිඵල කියන්නත් අමතක කරන්න එපා.

මෙය මගේම නිර්මාණයක් බැවින් උපුටා ගැනීම වෙන වෙබ් සයිඩ් වල පල කිරීම සපුරා තහනම්

මෙත් සිතිණි

නේරංජනා කස්තුරිආරච්චි ❤️

LEAVE A REPLY