හොලිවුඩ් නිළියන්ව ලිංගිකඅපයෝජනයකළ බවට චෝදනා එල්ල වූ ලෝකප්‍රකට හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක හාවි වෙයින්ස්‌ ටේත් හා ඔහුගේ නිෂ්පාදන සමාගම අතවරයටපත් නිළියන්ට වන්දි ගෙවා අධිකරණ කටයුතු සමථයකට පත් කරගෙන තිබේ.

අදාළ සමථය සඳහා ඩොලර් ලක්‍ෂ හාරසිය හතළිහක මුදලක්‌ එම කාන්තාවන්ට ගෙවා තිබේ.

ඔහු විසින් දූෂණයටහෝලිංගිකඅපයෝජනයට ලක්‌ කළ බවට කාන්තාවන් 75 දෙනකු චෝදනා කළ අතර සැබෑ ප්‍රමාණය මීට වඩා කීප ගුණයක්‌ බවට සැක කෙරේ. කෙසේ වෙතත් හාවි වෙයින්ස්‌ ටේත් තමන්ට එරෙහි චෝදනාප්‍රතික්‍ෂේප කර සිටී.

හැටහත් හැවිරිදි වෙයින්ස්‌ටේත් ඔස්‌කාර් සම්මාන දිනූ චිත්‍රපට රැසක නිෂ්පාදකවරයා ය. ශේක්‌ස්‌පියර් ඉන් ලව්, ද කිssංග්ස්‌ ස්‌පීඩ්, ද ආර්ටිස්‌ට්‌ වැනි ලොව අතිශය ජනප්‍රිය චිත්‍රපටවල අධ්‍යක්‍ෂවරයා ඔහුය.

LEAVE A REPLY