ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද දේශපාලනඥයින් අද විවිධ අදහස් පළ කරමින් සිටී. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව අංශු මාත්‍රයක හෝ වගකීමක් නැති ආණ්ඩුවක් තවත් මේ රට පාලනය කළ යුතු නැති බවයි.

ඒ නිසා ජනතාවට ඒ සඳහා අවස්තාව ඇති මැතිවරණය තවත් කල් යන නිසා පාර්ලිමේන්තුව මගින් මේ ආණ්ඩුව විශ්වාසභංගයකින් පරාජය කළ යුතු බවද හෙතම සදහන් කරන ලදී.

කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ හදිසියේ මෙලෙස විශ්වාසභංගයක් ගෙන ඒම පිටුපස කිසියම් දේශපාලන කුමන්ත්‍රයක් ඇති බව ඇතැම් දේශපාලන විචාරකයින්ගේ අදහස බවට පත්වී තිබේ.එනම් පසුගිය දින වලදී බෝම්බප්‍රහාරසඳහා සම්භන්ද යයි දෙමටගොඩ නිවසින් අල්ලා ගත් ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට පවා නම් කර සිටි අයෙක් වීම නිසා,මෙලෙස දේශපාලන උගුලක් අටවා එය වසා ගැනීමට උත්සාහ කරන බව විචාරකයින්ගේ මතය වී තිබේ.

එය සිදු වන්නේ මෙලෙස විශ්වාසභංගයක් ගෙනා විට ආණ්ඩුව ඉන් ජයග්‍රහණය කිරීම සඳහා දැනට ආණ්ඩුවේ ඇමතිවරයෙක් වන රිෂාඩ් බදියුදීන්ගේ සහාය අනිවාර්යයෙන් ලබා ගන්නා නිසා,එය පදනම් කරගෙන ආණ්ඩුව බදියුදීන් ආරක්ෂා කළ බව පවසා සිය පක්ෂයට පැටලී ඇති ගුන්ඩුව ආණ්ඩුව දෙසට තල්ලු කිරීම බව දේශපාලන විචාරකයින් කිහිපදෙනෙක් අප සමග සදහන් කරන ලදී.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය ලෙස අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. එයට හේතුව ජනතා විමුක්ති පෙරමුණ එක් වරම විශ්වාසභංගයක් ගෙන එන්නේ කුමන සද්භාවයකින්ද යන ගැටලුව ඇති නිසා ඒ පිළිබඳව සොයා බලා පක්ෂ නායකයින් සමග සාකච්ජා කර තීරණයක් ගත යුතු බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ මෙම විශ්වාසභංගයට සිය පාර්ශවය සහාය දක්වන බවත් දිවි හිමියෙන් ඒ සඳහා කටයුතු කරන බවත් සදහන් කරන ලදී.බදුල්ලේ පැවැති උත්සවයකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී

LEAVE A REPLY