ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සමහර දේශපාලඥයින් තවමත් අත්සන් කර නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එසේ අත්සන් නොකළ පිරිස සමහරු බදියුදීන් ඇමතිවරයා විසින් අල්ලස්වරදාන ලබා දී මිලට ගෙන තිබෙනවා දැයි සැක සහිත බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් තම තමන්ගේ නියෝජිත දේශපාලනඥයන්ට පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට පෙළඹවීම ජනතාවගේ වගකීමක් යයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ කියා සිටියේ මහරගම නගරයේ රණවිරු ස්මාරකයක් නිරාවරණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

LEAVE A REPLY