රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයේ ඡුන්දය විමසීමට පෙර රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු එසේ නොකළහොත් තමන් ඊට පක්‍ෂව ඡුන්දය ලබාදීමට තීරණය කර ඇතැයි ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඊයේ (20 දා) පැවසීය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේසැකකරුවන් පිළිබඳව රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා හමුදාපතිවරයාට බලපෑම් කළ බව මේ වන විට සනාථ වී තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා තමන්ට දුරකථන ඇමැතුම් ලබාදුන් බව යුද හමුදාපති ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම අමාත්‍යවරයාත් ඇමතුම් ලබාදුන් බවත් පිළිගෙන තිබෙනවා. මෙම තත්ත්වය මත ත‍්‍රස්ත ප‍්‍රහාරයසම්බන්ධ විමර්ශන කටයුතුවලට අමාත්‍යවරයාගේ හැසිරීමෙන් බලපෑමක් සිදුවන බවට ප‍්‍රබල සමාජ මතයක් ගොඩනැඟී තිබෙනවා. මේ නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට ඡුන්දය විමසීමට පෙර රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.

එසේ නොවුණොත් විශ්වාසභංග යෝජනාවේදී රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව තමන් ඡන්දය ප‍්‍රකාශ කරන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

LEAVE A REPLY