මෙවර වෙසක්‌ පොහොය  නිමිති කරගනිමින් දිවයින පුරා පවත්වනු ලබන දන්සල් ප්‍රමාණය විශාල ලෙස අඩු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා  පවසනවා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ  පසුගිය වසරේ වෙසක්‌ පොහෝය වෙනුවෙන් දිවයිනෙන්ම දන්සල් 6000 කට ආසන්න ප්‍රමාණයක්‌ ලියාපදිංචි කර තිබූ බවත් මෙවර එම ප්‍රමාණය 92 ක් පමණ වන බවත්ය.

නමුත් සතුටට කාරණයනම් මිසදිටුත්‍රස්තයන්ට පාඩම් උගනවමින් ශ්‍රී ලාංකීය බෞද්ධ ජනයා වෙනදාටත් වඩා පහන්කුඩු බෞද්ධ කොඩි සහ මහා මාර්ග පුරා අලංකාර වෙසක් සැරසිලි කරමින් උත්කර්ෂවත් ලෙස වෙසක් උත්සවය සමරනු දකින්නට ලැබීමය. ජතිවදිසහආගම්වාදී ගැටුම් ඇතිකිරීම අරමුණු කොටගෙන ක්‍රියාකළ සියලු දෙනා පරාජය කරමින් බෞද්ධ ජනතාව පමණක් නොව අනෙකුත් ආගම් වලද ජනතාව වෙසක් උත්සවයට සම්බන්ධ වීම රටක් ලෙස අප ලද ජයග්‍රහණයකි.

රට තුළ පවතින ආරක්‍ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්‍ෂක අංශ හා පූජ්‍ය පක්‍ෂයේ ඉල්ලීම් මත මෙවර දන්සල් රට පුරා පැවැත්වීම අඩුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේමෙ අද (18) සිට 20 වැනිදා දක්‌වා වන දින තුනක කාලය තුළ රට පුරා පැවැත්වෙන දන්සල් පරීක්‍ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 1500 ක ප්‍රමාණයක්‌ සූදානමින් සිටින බවද ඔහු සඳහන් කරනවා.

LEAVE A REPLY