නීතිවිරෝධි අයුරින් පුපුරනද්‍රව්‍යළඟ තබාගෙන සිටින  පුද්ගලයින්  සොයා ලබන 20 දායින් පසු දිවයින පුරා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

බලපත්‍ර නොමැතිව පුපුරනද්‍රව්‍යසන්තකයේ තබාගෙන සිටින්නන්ට ඒවා යළි භාර දිමට ඉකුත් 12 දා සිට දින තුනක කාලයක් ‍පොලීසිය ලබා දි තිබුණි.

නමුත් තවදුරටත් එම කාලය මෙම 20 දා අලුයම 6.00 තෙක් දිර්ඝ කිරිමට ‍පොලීසිය පෙරේදා (15) පියවර ගනු ලැබිය.

ඉන්පසු දිවයින පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර පුපුරනද්‍රව්‍යළඟ තබා ගෙන සිටින්නන් අත්අඩංගුවටගැනීමට ‍පොලීසිය ක්‍රියා කරනු ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මුලිකත්වයෙන් පැවැත්වුණු අතර එහිදී මෙම තීන්දුව ගත බව වාර්තා වනවා. මේ අනුව ජනාධිපතිවරයා වැඩිදුරටත් ආරක්ෂක අංශ වෙත නියෝග කොට ඇත්තේ දිවයින පුරා සෝදිසි මෙහෙයුම් දියත්කොට නීතිවිරෝධි සියළුමඅවිආයුධ ආරක්ෂක අංශ භාරයට ගන්නා ලෙසත් ඒ සඳහා යම් දේශපාලන හෝ වෙනයම් බලවේග බලපෑම් කල හොත් ඒ කිසිවකට අවනත නොවී රාජකාරිය අකුරටම ඉටු කරනා ලෙසටයි.

LEAVE A REPLY