දෙහිවලදී සිදුකළ අත්අඩංගුවටගැනීමක් සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් තමාට දුරකථනයෙන් කතා කොට තොරතුරු විමසූ බවත් එහිදී තමන් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට වසර එකහමාරකින් කතා කරන ලෙස අමාත්‍යවරයාට දැන්වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කළේය.

ඇමැතිවරයා තමාට කතා කළ පසු තමා ඔහුට පිළිතුරු දෙකක් දුන් බවත් ඉන් පළමු පිළිතුර වූයේ තමන් ඒ ගැන සොයා බලා දන්වන්නම් කියා යැයිද යුද හමුදාපතිවරයා පැවැසීය.

අමාත්‍යවරයා දෙවැනි වර කතා කරද්දිත් තමා ඒ ගැන සොයා බලා නොතිබූ බවත් නමුත් අමාත්‍යවරයා තෙවැනුව කතා කරන විට තමන් ඒ කරුණ ගැන සොයා බලා තිබූ බවද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

“එහෙම පුද්ගලයෙක් අත්අඩංගුවේඉන්නවා. මේ කෝල් එක අවුරුදු එකහමාරකින් දෙන්න” කියා තමා අමාත්‍යවරයාට පැවැසූ බවත් හෙතෙම පැවැසීය.

එලෙස තමන් පැවැසූයේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් වසර එකහමාරක කාලයක්වත් රඳවාගෙන ප්‍රශ්න කරන නිසා බවද යුදහමුදාපතිවරයා සඳහන් කළේය.

යුදහමුදාපතිවරයා විදිහට අමාත්‍යවරයා තමාට සිදුකළේ බලපෑමකට වඩා ඉල්ලීමක් බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

චාමර අමරසූරිය / www.mawbima.lk

LEAVE A REPLY