පාස්කු ඉරිදා මරාගෙනමැරෙනබෝම්බප්‍රහාරඑල්ලකළ ත්‍රස්තවාදීන්අතරින් මොහොමඩ් රීබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නමැත්තාට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කම්හලේ සේවකයින් නව දෙනෙකු අධිකරණයෙන් ඇප මත නිදහස් කර ඇත්තේ පොලිස් විරෝධතා නොතකමින් බවටත් එය නඩු වාර්තා සඳහන් කර නොමැති බවටත් චෝදනා කරමින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ගාමිණී හේවාවිතාන මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ.

බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අප්‍රේල් 22 වනදා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත සිටි පුද්ගලයින් 10 දෙනා පසුගිය මැයි 06 වනදා අලුත්කඩේ අංක දෙක අධිකරණයේදී ප්‍රියන්ත ලියනගේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙස පොලිසිය වාචිකව මෙන්ම ලිඛිතව ද ඉල්ලීම් කර තිබුණු බව පවසන ස්ථානාධිපතිවරයා මහේස්ත්‍රාත්වරයා එම විරෝධතා නොසලකා ඔවුන්ට ඇප නියම කර ඇති බවත් ඒ හේතුවෙන් තමන් ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව පොලිස් මූලස්තානයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවත් සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

දුරකථන වාර්තා ඔස්සේ කළ විශ්ලේෂණයේදී මෙම සැකකරුවන් සිම්පත් දෙකේ සිට අට දක්වා ප්‍රමාණයක් ළඟ තබාගෙන සිට ඇති බවත් ඔවුන් අපරාධය සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කර ඇති බවත් තමන් අධිකරණයට දන්වා සිටි බවත් ඒ මහතා සිය පැමිණිල්ලේ දක්වයි.

සැකකරුවන්ට ඇප ලබාදීමට පොලිසිය දැඩි ලෙස විරුද්ධ වූ බව එම නඩුවේම විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පවා දිවුරුම් ප්‍රකාශයක් මඟින් තහවුරු කර ඇති බව පෙන්වා දෙන ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙතත් එකම චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කල සැකකරුවන් 10 දෙනකුගෙන් එක අයකුට ඇප නොලැබෙන්නත් අනිත් 9 දෙනාට ඇප ලැබෙන්නත් හේතුව කුමක්ද යන්න ජනතාවටද ගැටලුවකි කරුණු කාරනා ගැලපීම අනුව පෙනී යන්නේ පොලිසිය නොව අධිකරණයේ විනිසුරුවරයා මුදලට හෝ වෙනයම් කාරණාවකට නිතිය නමා ඇති බවයි. මෙහි ඇත්ත නැත්ත ඉදිරියේදී ජනතාවට දැනගන්නට ලැබේවිද නැද්ද යන්න සක සහිතය හේතුව අපේ රටේ නිතිය ඒ තරමටම උතුම් බැවිනි.

කණගාටුවට කරුණ නම් නිතිය ක්‍රියාත්මක ක්‍රියාත්මක කරනා ඉහලම තැන වන අධිකරණ විනිසුරුවන්ද මෙසේ ඩීල් දමනවානම් රටේ මහජනතාවට ඇති පිළිසරණ කුමක්ද යන්නයි.

LEAVE A REPLY