පාස්කු ඉරිදා සිදුවූ බෝම්බප්‍රහාරසඳහා තාක්ෂණික සහාය ලබාදුන් බව කියන ශ්‍රී ලාංකීය ඉංජිනේරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආදිල් අමීස් නම් වූ මෙම පුද්ගලයා 24 හැවිරිදි තරුණයෙක්.

මීට වසර තුනකට පමණ පෙර සිටම ඉන්දියානු බුද්ධි අංශ විසින් මෙම තාරුණයා පිලිබඳ තොරතුරු සොයාබලා ඇති අතර ඔහු අයි.එස් ත්‍රස්තයින්සමගරහසේ තොරතුරු සම්බන්ධව ගනුදෙනු කර ඇති බවට හෙළිවී තිබෙනවා.

කෙසේ නමුත් තාක්ෂණය සම්බන්ධ දැනුම ඇති මේ සැකකරු පසුගියදා මෙරට තුල සිදුවූබෝම්බපිපිරීමේසිද්ධියත් සමග සම්බන්ධතාවයක් ඇති බව මේ වනවිට හෙළිවී තිබෙනවා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ මෙම මුස්ලිම් ජාතිකයා බෝම්බප්‍රහාරයෙන්දිනහතරකට පසුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මාධ්‍ය වාර්තා කල ආකාරයට මොහු කොළඹ ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ෂණ සමාගමක් වන Vertusa සමාගමේ සේවයේ නියුතුව සිට ඇති අතර එම ආයතනද පොලිස් නික සුනකයන්ද යොදාගෙන පුර්ණ පරික්ෂාවකට ලක් කොට තිබෙනවා.
එම පුවත් වාර්තාව පහතින්…

කෙසේ නමුත් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධව මෙරට මාධ්‍යට තොරතුරු ලබාදී නැහැ.

කෙසේ නමුත් ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ලබා දී නැහැ. ආදිල් අමීස් වූ මොහු සිය ලින්ක්ඩ් ඉන් ගිණුමේ සටහන් කර සිටින්නේ ඔහු වෙබ් නිර්මාණකරණයේ සහ තොරතුරු තාක්ෂණවේදයේ ඉංජිනේරුවරයෙකු බවයි. කෙසේ නමුත් ඔහු දේශපාලන විද්‍යාව පිලිබඳවද හදාරා ඇති බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.

මොහුගේ පියා අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතරට ඔහු පවසන්නේ සිය පුත්‍රයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා අසත්‍ය බවයි.

LEAVE A REPLY