පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ මුලිකත්වයෙන් මුස්ලිම් අන්තවාදයපැතිරවීම සඳහා චෝදනා ලබා සිටින අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා සිය ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා අත්සන් ලබා ගැනීම ආරම්භ කොට ඇති බව වාර්තා පල වනවා.

මෙහිදී අදාල අත්සන් ලේකනයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. එහි අත්සන් තැබූ රාජපක්ෂ වරුන් අතර මහින්ද රජාපක්ෂ මහතාගේ නම හෝ අත්සන මෙහි නොමැති අතර ඒ පිළිබඳව විවිධ මත පලවෙමින් තිබෙනවා. විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ මෙම විශ්වාස භංගය සඳහා සහාය ලබා නොදෙන ලෙසට බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බවයි. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකශ කොට ඇත්තේ විශ්වාස භංගයට අත්සන් කොට රිෂාඩ් තරහා කරගැනීමට තමාට අවශ්‍ය නොමැති බවයි.

එම විශ්වාස භංග යෝජනාවේ පිටපත පහතින්…

කවුරු කෙසේ කිවත් රාජපක්ෂලා මේ මොහොතේ සිතන්නේ බොර දියේ මාළු බෑමට බව ජනතාව මේ වනවිටත් හොඳින් දන්නා කරුණකි. එබැවින් අනාගතයේ රටේ බලය ලබා ගන්නට කෙසේ හෝ වලි කන රාජපක්ෂලා සිය චන්ද කුට්ටිය රැක ගැනීමට මෙසේ හැසිරීම අරුමයක් නොවේ. නමුත් කණගාටුවට කරුණ නම් සිංහල බෞද්ධ බැටළු හම පොරවාගෙන ජාතිවාදයෙන් බලය ගන්නට පම්පෝරි ගැසුවත් සැබවින්ම ඔවුන් සිටින්නේ අන්තවාදීන්රකින කඳවුරක බව ප්‍රත්‍යක්ෂ වීමය.

LEAVE A REPLY