ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

එම මණ්ඩලය විසින් ඊයේ (13) දිනයේ දී අදාළ අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අවසන් වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 164.1 මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතයි.

තුන් අවුරුදු ව්‍යාපෘතියක් යටතේ 2016 වසරේ ජුනි මස 03 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහක මුදලක් ලබා දීමට එකඟතාව පල කරනු ලැබීය.

අදාළ ව්‍යාපෘතියේ අවසන් වාරිකය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිතවරයා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර පැවැත්වුණු සකචවකින් පසුව රටේ පවතින වාතාවරණය මත වහාම නිදහස් කිරීමට අදාළ නිලධාරීන් තීන්දු කල බව වාර්තා වේ.

කෙසේවෙතත් පසුගිය ජනවාරි මාසයේ මෙරට බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවලින් පසුව අදාළ ණය වාරිකය ලබාදීමට එකඟතාව පල කෙරුණි.

එම ණය වැඩසටහන වසරකින් දීර්ඝ කිරීමට ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකඟ වු අතර ඊයේ (13) දිනයේ රැස්වූ විධායක මණ්ඩලය ලබන වසරේ ජුනි 02 වන දින දක්වා එම කාලය දීර්ඝ කිරීමට එකගතාව පල කර තිබේ.

LEAVE A REPLY