කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව  ශ‍්‍රී ලංකා ජාතික මහා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී පැවැසූහ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක සාමාජිකයන් සමඟ සාකච්ඡා කර ඇති බවත් ඔවුන්ගේ ද සහාය ඇතිව තමන්ගේ නායකත්වය යටතේ මේ සතිය තුළ එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

අතුරලියේ රතන හිමියෝ මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා ජාතික මහා සභාව විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකට රාජගිරිය සඳහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී  අද (12) එක් වෙමිනි.

එමෙන්ම බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා  එම ධූරයන්ගෙන් ඉවත් කිරිම  සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් පැවැසු  රතන හිමියෝ බදාදා (15) මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී ලිඛිතව ඉල්ලීමක් ද කරන බවද උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පැවැසූහ.

LEAVE A REPLY