මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ බෝම්බතුනක්පුපුරන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 119 දුරකථන අංකයට අසත්‍ය පැමිණිල්ලක් කළ මුස්ලිම් ජාතික දුරකථන අලුත්වැඩියා කරන්නකු කෙසෙල්වත්ත මුහන්දිරම් පාරේ නිවෙසකදී අත්අඩංගුවටගත් බව මාලිගාවත්ත පොලිසිය පවසනවා.

එම පුද්ගලයා සමඟ ජංගම දුරකථන සිම් කාඩ් පත් විසි එකක් සහ ජංගම දුරකථන හතරක්ද පොලිසිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කළා.

එම ඇමතුම අනුව වහා ක්‍රියාත්මක වූ මාලිගාවත්ත පොලිසිය, යුද හමුදාව,බෝම්බ නිෂ්ක්‍රිය අංශය,පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා එම මාර්ගය අවට මහජනතාව ඉවත් කර කඩ සාප්පුද වසා දමමින් පැය හයකට ආසන්න කාලයක් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළද කැළි කසළ අඩංගුකර තිබූ පාර්සල් කිහිපයක් පමණක් හමු වූ බව මාලිගාවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්න.

අසත්‍ය තොරතුරක් පවසා රජයේ සේවකයන්ගේ බලය මහජන අප්‍රසාදයක් ඇතිවන අදහසින් මෙම ඇමතුම ලබාදී ඇති බව මාලිගාවත්ත පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය පරීක්ෂණ පවත්වා සැකකරු වහා අත්අඩංගුවට ගන්නා ලෙස කරන ලද නියෝගයක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

“මම එම්. පී. කථා කරන්නේ. මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ බෝම්බතුනක්පුපුරනවාපුළුවන්නම් නවත්වන්න” යනුවෙන්  සවස හයයි විසිතුනට තත්පර තිස් අටක කාලයක් සැකකරු පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 119 දුරකථන අංකයට කථා කර පැමිණිලි කර තිබිණි. අධිකරණයේ නියෝග මත දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන 119 හදිසි ඇමතුම් අංශයෙන් හඬ පටයද ලබාගත් මාලිගාවත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රභාත් ගුණරත්න මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කොළඹ – එම්.සී. පෙරේරා/ www.mawbima.lk

LEAVE A REPLY