ජාතික සමගිය ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලාංකීය සංස්කෘතියට අනුව ශ්‍රී ලංකාව තුළ ජීවත් විය නොහැකිනම් රටට පව් නොදී පැමිණි තූත්තිකුඩියටම යන ලෙස පාර්ලිමේන්ති මන්ත්‍රී විමල් වීරවංශ මහතා අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් ඉල්ලා සිටියා.

ඒ අද ඊයේ දින පැවති පාර්ලිමේන්තු විවාදයේදීය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා කතා කරමින් සිටින විට ඊට බාධා කරමින් බදියුදීන් ඇමතිවරයා ප්‍රකාශ කලේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජාතිවාදය ඇති කරන බවයි.

මෙහිදී ආවේගශීලී වූ වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ ජාතිවාදයසහ අන්තවාදයවපුරන්නේ තමන් නොව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා බවය. ඔහු අරාබිකාරයෙකු ලෙස සිතා සිටින බවත්, රටේ සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන්නෙකු බවත් පැවසූ මන්ත්‍රීවරයා රටේ මහා සංස්කෘතියත් සමග මුහු වන ලෙසත් එසේ නොමැති නම් රටට පව් නොදී ආපු තූත්තිකුඩියටම යන ලෙසත් බදියුදීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී බදියුදීන් ඇමතිවරයා විසින් වීරවංශ මන්ත්‍රීවරයාගේ කතාවට දිගින් දිගටම බාධා කරන අයුරු දැකගත හැකි විය.

මේ අතර සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් කිහිප දෙනෙකු සතුව තිබී ඉකුත්දා සොයාගත් ලිපියේ රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන්ද සඳහන් කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ කියාසිටියා. එහිදී මන්තී‍්‍රවරයා සහ රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා අතර උණූසුම් සංවාදයක් ඇති වුණා.

එහිදී “කිරිඇල්ල ඇමතිතුමා එයා අමාත්‍යාංශ මුදල්වලින් වියදම් කරලා හදපු ඒ පත්‍රිකාවේ එක ඡේදයක තියෙනවා..ජනාධිපතිවරයාට තියෙන චෝදනාවලට අමතරව රිෂාඩ් බදියුර්දීන් කියන අමාත්‍යවරයාත් මේ වහබ්වාදී අන්තවාදයට උඩගෙඩි දෙනවයි කියලා.” යනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ කියාසිටියා.

එම සංවාදය පහතින් දැක්වෙයි…