විදේශගතව සිටින ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්තකල්ලියටසම්බන්ධ ප‍්‍රබල සාමාජිකයන් පිරිසක් ජාත්‍යන්තර පොලිසියේ ද සහය ඇතිව අත්අඩංගුවටගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

පාස්කු ඉරිදාප‍්‍රහාරයඑල්ල වීමත් සමගම මෙමත‍්‍රස්තවාදීන් වෙනත් රටවලට පලාගොස් ඇතැයි අනාවරණය වී තිබේ. තව්හිද් ජමාත් ත‍්‍රස්තකල්ලියට සම්බන්ධත‍්‍රස්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේ දී රටින් පලා ගියවුන් පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ අතර මෙම ත‍්‍රස්තකල්ලියටසම්බන්ධ තවත් පිරිසක් කාලයක් තිස්සේ විවිධ රටවල සැඟවී සිටිමින් මූල්‍යමය වශයෙන් මෙම සංවිධානයට උපකාර කර ඇතැයි ද අනාවරණය වී තිබේ.