බෝම්බප්‍රහාරයටමුහුණදුන් මවකගේ සංවේදී කතාව…

මගේ කකුල් දෙක ලඟ  වැටිල හිටපු  මගේ චුටි දුවගෙ අතින් ඇල්ලුවත් එයාව මට දනුන්නෑ .ඒත් එක්කම ලොකු දුවත් උඩු මැලි  අතට වැටිලා හිටිය .ඒ වෙලාවෙ ලොකු දුවට පණ  තිබුන. මගේ මහත්තයගෙ නලලේ දකුණු පැත්තේ සාමාන්‍ය සිදුරකින් ලේ වැක්කෙරුණ.

ඒ වුනත් එයත් හුස්ම ගත්ත. වටේ අයගෙන් උදව් ඉල්ලල මම කෑ ගැහුව.එත් ඒ අය බයට වෙන්න ඇති බලන් හිටිය මිසක් ලගට ආවෙ  නෑ

පසුගිය පාස්කු ඉරුදින දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක සිදුවූබෝම්බපිපිරීමෙන් ජීවත්ව සිටියවුන්ගේ ජීවිතපුපුරාගියා පමණක් නොව ඉන් දිවිගලවාගත් බොහෝ දෙනෙකුගේද ජීවිත අදුරුවී ගියේය.ඒ තම පවුලේ ආදරණීයයන් තමන් හැරගොස් ඔවුන්ගේ මතකයන්  තමන් සමග ඉතිරිවී  තමන්  පමණක් මෙලොව තනිවීම හේතුවෙනි. එවන් අවාසනාවන්තඉරණමකට මුහුණදුන් මවක්  අපට  මුණගැසෙන්නේ කදිරාන  ප්‍රදේශයෙනි.

චන්දිමා නෙරන්ජලී යසවර්ධන වයස අවුරුදු 44 ක් වූ දෙදරු  මවකි.  චන්දිමා  සිය ආදරණීය දියණියන් දෙදෙනාත් සැමියත් සමග  කදිරාන උළු අම්බලම ප්‍රදේශයේ  ජීවත්වුණු ආගම  දහමට ලැදි  කතෝලික කාන්තාවකි.  ඇගේ  බාල දියණිය විශ්මි කවීෂා වික්‍රමරත්න (14) සහ වැඩිමහල් දියණිය නෙත්මි කංචන වික්‍රමරත්න (16) පාසල් වියේ දියණියන්  වුවාය. සිය සැමියා සම්පත් විශ්ව කීර්ති (45) ත්‍රීවීල් රැකියාවක නිර ත වෙමින් සිය පවුලේ සියලු කටයුතු ඉටුකරමින් ආදරණීය සැමියකු ලෙස ජීවත් විය

චන්දිමා තම දියණියන් දෙදෙනාත් සැමියාත් සමග පසුගිය පාස්කු ඉරුදින කටුවපිටිය ශා. සෙබස්තියන් දේවස්ථානය වෙත පිය නගන්නේ ජේසුස් වහන්සේගේ උට්ටානය සිහිකෙරෙන උදැසන දේව මෙහෙයට සහභාගි වීමේ බලාපොරොත්තුවෙනි. නමුත් එහිදී සිදුවූයේ ඔවුන්  කිසිසේත්  නොසිතු මහා විපතකි.

දේව මෙහෙය නිමවෙමින් තිබිණි. මරාගෙනමැරුණුබෝම්බකරුගේබෝම්බය  දේවස්ථානය තුළ පුපුරාගියේ  මුලු දේවස්ථානයම  සුන්බුන් ගොඩක් කරමින්ය  .බෝම්බයපිපිරීගොස්  කාලය ගත වෙමින් තිබුණේය. බංකුවේම වැටීසිටි චන්දිමා වහා තම ආදරණීයයන් දෙස බැලුවාය . දියණියන් දෙදෙනාත් සැමියාත්ලේගලමින් බිම වැටී සිටියේ ජීවිතයත්මරණයත් අතර සටනකය .දෙනෙත් අදහාගත නොහැකි චන්දිමාට  පළමුව කළහැකි වූයේ ඇඩීම පමණි.

එම අවාසනාවන්ත සිදුවීමට මුහුණදුන් චන්දිමා ඇයගේ  දුක්බර කතාව  හඬා වැලපෙමින්  අප සමග  මෙසේ පැවසුවාය .

”අපි වෙනද යන විදියටම එදත් පල්ලියේ පුජාවට ගියා .අපි පරක්කුවෙලා ගියත් පල්ලියේ බංකු වල වාඩි වෙන්න  අපට ඉඩ තිබුන . මමයි දුවල දෙන්නයි එක බැංකුවකත්  මහත්තය ඊට පිටිපස්සෙ බන්කුවකත් වැඩිවෙලා සාමාන්‍ය විදියට පුජාවට සහබාගි වුනා.

සත් ප්‍රසාද ලබල ආවට. පස්සෙ දැන්වීම් ටිකක් කියවල ඉවර වෙලා ස්තුති කතාව කරමින්  තිබුනෙ. ඒ අතර මග තමා එක පාරටම ඒ මහා සද්දෙ ඇතිවුනේ. ඒ වෙලාවෙ මට සිහිය නැතිවුනේ නැති වුනාට මගේ ඇස්  පියවිලා බංකුවේම ඉන්දවෙලා හිටියෙ . මම කොච්චර වෙලාවක් එහෙම හිටියද කියල මම දන්නෙ  නෑ .ටික වෙලාවක් ගියාට පස්සෙ මට කෑගහන්න පුළුවන් උනා . මම එක පාරටම ”ජේසූ” කියල කෑගැහුව. මම ඇස්දෙක ඇරල බැලුව . ඒ වෙලාවෙ කණ්නාඩි දෙක නැතුව තිබුනත්  මට හොද පැහැදිලිව වටපිටාව පෙනුන.උඩ  බැලුවාම  වහලෙ උළු කැට තිබුනෙ නෑ .මම එක පාරටම බිම බැලුව.ඒ වෙලාවෙ මම දැක්කෙ මගෙ කකුල්දෙක ළඟ  මගේ චුටි දුව ඇස්දෙක ඇර ගෙන බිම වැටිල ඉන්නව.මට ගොඩක් බය හිතුන ඒ වෙලාවෙ.මම ඉක්මනට මගේ චුටි දුවගෙ අතින් ඇල්ලුව.අතින් අල්ලල  මම  කිව්ව  දුවේ ඔයාව මට දැනෙන්නෙ නෑ කියල .මම ආයෙ  සැරයක්  චුටි දුවගෙ අතින් අල්ලල ආයෙත්  මම කිව්ව  දුවේ ඔයාව මට දැනෙන්නෙ නෑ කියල.ඒ එක්කම ලොකු දුවත් උඩු මැලි  අතට වැටිල හිටිය .ඒ වෙලාවෙ ලොකු දුවට පණ  තිබුන.

දුවට කකුල් හොලවන්න දගලන්න පුළුවන් වුනාම මම පස්ස හැරිලා මහත්තය කෝ කියල බැලුව .එයත් බිම වැටිල හිටිය .මම එයාගෙ අතින් අල්ලල උඩු මැලි  අතට හැරෙව්ව.එයාගෙ නළලෙ    දකුණු පැත්තෙ  සාමාන්‍ය සිදුරකින් ලේ  වැක්කෙරුණ.ඒ වුනත් එයත් හුස්ම ගත්ත.  වටේ අයගෙන් උදව් ඉල්ලල මම කෑ ගැහුව.එත් ඒ අය බයට වෙන්න ඇති බලන් හිටිය මිසක් ලගට ආවෙ  නෑ .මගේ ඇගෙන් කොච්චර ලේ පෙරුනත්  මම ඒ වෙලාවෙ කෑ ගගහ  එලියට දිව්ව .ඒ වෙලාවෙ මම දැක්ක ”ඔස්ක” කියල මගේ මහත්තයගෙ යාලුවෙක් ඈතින්  එනව . මම එයාට කිවව මගේ මහත්තයට ගොඩක් අමාරුයි ඇවිත් උදව් කරන්න කියල .එහෙම කියල  එයාව ඇදගෙන ගිහින් මහත්තයව  පෙන්නල ආයෙ එලියට දුවල ඇවිත්  තව ළමයෙක්ව ඇදගෙන ගිහින් කිව්ව මගේ ලොකු දුවව එක්කගෙන යන්න කියල .එයාට බයට වෙන්න ඇති  දුවව උස්සන්න  හදනකොට ඇදගෙන වැටුන .මම කිව්ව ඉන්න පුතේ තව ළමයෙක්ව  එක්කගෙන එමු කියල මම තව ළමයෙක්ව එතනට එක්කගෙන ආව .ඇවිත් කිව්ව  ලොකු දුවව උස්සන් යන්න පුතේකියල .චුටි දුවව මම මගේ දෑතින්ම  උස්සගෙන වැටි වැටී ඉස්පිරිතාලෙට ගෙනිච්චා…

LEAVE A REPLY