ISIS ත්‍රස්තයින්සහ ඔවුන්ගේ අවිආයුධසොයමින් රට පුරා ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් දියත්කලේ පසුගිය පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාරයටපසුව ජනාධිපතිවරයා විසින් හදිසි නිතිය ස්ථාපිත කොට ආරක්ෂක අංශ වෙත අවශ්‍ය බලතල සහ නියෝග ලබා දීමෙන් අනතුරුවයි.

ඒ අනුව අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ ත්‍රස්තඉලක්ක රැසකට ආරක්ෂක අංශ පිවිසි අතර එහිදී දෙපාර්ශවය අතර ගැටුම්ද ඇති වුනා මෙහිදී සයින්දමරදු ප්‍රදේශයේ පිහිටි සුනාමි ගම්මානයේ ත්‍රස්තසංවිධානයකටඅයත් සාමාජිකයින් පිරිසක් සැගවී සිටින බවට තොරතුරු ලබාදුන් පොලිසියේ කොස්තාපල්වරයාව සැරයන් නිලයට උසස් කොට ඔහුට රුපියල් ලක්ෂ පහක ත්‍යාග මුදලක් ලබාදීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

ඊට අමතරව ත්‍රස්තවාදීන්සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් සහ මුස්ලිම් ජාතිකයින් තිදෙනෙකුට රුපියල් මිලියනය බැගින් ත්‍යාග මුදල් පිරිනැමීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY