ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා සිය ධුරයෙන් අනිවාර්ය නිවාඩු යවමින් නව පොලිස්පති වරයකු පත්කළේ පසුගිය පාස්කු ඉරිදා සිදුවුත්‍රස්ත ත්‍රස්තප්‍රහාරයවලක්වා ගැනීම පිණිස ක්‍රියාත්මක නොවීමේ චෝදනාව ඔහුට එල්ලවන පසුබිමක වන අතර පොලිස්පතිවරයා තමන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කල මුත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයින්ගේ බලපෑම් මත ඔහු පසුව ඉල්ලා අස් නොවන බව දැනුම් දුන්නා.

ඒ අනුවයි ජනාධිපතිවරයා සිය බලය පාවිච්චි කොට අදාල ප්‍රහරයෙපරික්ෂණ කටයුතු සාධාරණව සිදු කිරීම සඳහා ඔහු නිවාඩු යවා නව පොලිස්පතිවරයකු පත් කොට ඇත්තේ…

කෙසේ වෙතත් පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී අමාත්‍ය නවින් දිසානායක විසින් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත සෘජුවම චෝදනා එල්ල කලේ පුජිත් ජයසුන්දර පොලිස්පති වරයා රකින්නට ඉදිරිපත් නොවන ලෙසයි. අගමැති රනිල්ගේ මුනටම නවින් කියා සිටියේ පොලිස්පති ඉවත් කිරීම සාධාරණ බවයි. මුල සිටම පුජිත් ජයසුන්දරගේ හැසිරීම පොලිස්පතිවරයකුට උචිත නොවුන බවත් මහජනතාවද ඔහු ගැන කල කිරි සිටින බැවින් ඔහුට යන්නටදී වෙන වැඩක් බලාගන්නා ලෙසට නවින් දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කල බව වාර්තා වනවා.

අදාළ රැස්වීමේ රහසිගත වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙන අතර එය පහතින් නරඹන්න…