ඉන්දියාවේද බුර්කාව තහනම් කරන්නැයි එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට මේ වනවිට විවිධ ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙනවා.

ඊට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ බුර්කාව ඇතුළු සියලූ ආකාරයේ මුහුණු ආවරණ ශ‍්‍රී ලංකාවතුල තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීන්දුවයි.

පාස්කු ඉරිදා ත‍්‍රස්තප‍්‍රහාරයහේතුවෙන් මෙම තීරණය ගනු ලැබුවේ සියලු පුද්ගලයින්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට ඇති බාධා ඉවත් කිරීමක් ලෙසයි. ඒ අනුව යමින් ඉන්දියාවේ ශිවසේනා පක්ෂය ද, ඉන්දියාවේ බුර්කාව තහනම් කරන ලෙස අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබෙනවා.

එම පක්ෂය පවසන්නේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් බුර්කාව තහනම් කළ යුතු බවයි. බුර්කාව හෝ මුහුණ ආවරණය වන ලෙස පළඳින  ඕනෑම යමක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි ශිවසේනා පක්ෂය පෙන්වා දී ඇත්තේ.

ආරක්ෂාව තහවුරු කිරීමේදී කිසියම් හෝ පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට ආරක්ෂක අංශවලට ඇති අවහිරතා කඩිනමින් ඉවත් කළ යුතු බව එම පක්ෂය අවධාරණය කර තිබෙනවා.

මේ අතර ලෝකයේ විවිධ රටවල් සිය රට ත‍්‍රස්තවාදයෙන්ආරක්ෂා කර ගැනීම සහ අන්තවාදීක‍්‍රියා වැළැක්වීම වෙනුවෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මේ දිනවල කතාබහක් මතුව තිබෙනවා. ඒ් අතරින් පෝලන්තයේ දේශපලාඥයෙකු කර ඇති ප‍්‍රකාශය විශේෂයි.

පෝලන්තයේ නීිතිය සම්බන්ධයෙන් ප‍්‍රකට දේශපාලඥයෙකු වන ඩොමිනික් ටර්සිස්කි පවසා ඇත්තේ තම රට තුළ කිසිදු මුස්ලිම් සරණාගතයෙකු නොමැති බවයි. ඒ හේතුවෙන් පෝලන්තයේ කිසිදු ත‍්‍රස්තප‍්‍රහාර අවදානමක් නොමැති බවත් ආරක්ෂාව අතින් සුරක්ෂිත බවත් අවධාරණය කර තිබෙනවා. නීත්‍යානුකූල නොවන කිසිවෙකුත් තම රට තුළ නොමැති බවයි පෝලන්තය නියෝජනය කරන එම දේශපාලඥයා පවසා ඇත්තේ.

LEAVE A REPLY