දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වල වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු විසින් බාර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු විශේෂ සභාවාරය මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

තව්හීක් ජමාත් සංවිධානයේ පවුල් 4ක 32දෙනෙක් ISISවලට ගොස් පුහුණු වී මෙරට ත්‍රස්තප්‍රහාරයක්සූදානම් වන බව 2016 නොවැම්බර් මස 18 වැනිදා විජේදාස රාජපක්ෂ මහතා පැවසූ බව මෙහිදී සඳහන් කළේය.

එලෙස ප්‍රකාශ කිරීමත් සමඟ රජයේ ඇමතිවරුන් මාධ්‍ය සාකච්ඡා තබමින් තමා කළ ප්‍රකාශ අසත්‍ය යැයි පැවසූ බව මන්ත්‍රීවරයා පැවසීය. මෙහිදී කැබිනට් ප්‍රකාශක වරයාද එවක අධිකරණ අමාත්‍යවරයා වූ සිය කැබිනට් මණ්ඩලයේම අමාත්‍යවරයකු හෙළි කල ඇත්ත කතාව නිර්ධය ලෙස විවේචනය කොට බැහැර කොට දැමුවා. සුළු ජාතික චන්ද බලාගෙන දේශපාලනය කරන මෙවන් වගකීම් විරහිත දේශපාලකයින් එදා හෙළිවූ සත්‍ය ඔස්සේ පරීක්ෂණ පැවැත්වුවා නම් මෙවන් විපතක්වලක්වා ගන්නට හැකියාවකද පැවතියා.

මේ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විජේදාස රාජපක්ෂ මහතාට ශාප කළ බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ වීඩියෝ සියල්ල පහතින් නරඹන්න…

  • අද දිනයේ විජේදාස රාජපක්ෂ අමතා පාර්ලිමේන්තුවේ හෙලිකල තිත්ත ඇත්ත…
  • එදා විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ හෙළි කල සත්‍ය සහ එය අභියෝගයට ලක්කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින්…
  • මුජිබර් රහුමාන් විජේදාස< රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය අසත්‍ය බවට කල ප්‍රකාශය…/li>

LEAVE A REPLY