හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ සඳහා ක්‍රියා කිරීම සඳහා ජලය රැගෙන යා හැකි බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කර ඇති බව වාර්තා වෙයි.

කොටහේන ප්‍රදේශයේදී ඊයේ (22) දින බෝම්බයක්නිශ්ක්‍රීය කිරීමට යාමේදී එය පුපුරා යාමත් සමඟ ගින්නක් ඇති වූ බැවින් එවැනි අවස්ථාවක ක්‍රියා කිරීම සඳහා මෙලෙස ක්‍රියාමාර්ග ගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

ඊයේ රාත්‍රියේ සිට යුධ හමුදාව වෙත හදිසි නිතිය ක්‍රියාත්මක කරමින් අවශ්‍ය බලතල ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කල අතර ත්‍රිවිධ හමුදාව සිය බුද්ධි අංශ භාවිතා කරමින් සැකකටයුතු සියලු තැන් පරික්ෂා කරීම් සහ අත්අඩංගුවට ගැනීම් සඳහා ක්‍රියාත්මක බවත් රටේ සහ ජනතාවගේ ආරක්ෂාව උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන බැවින් ජනතාවගේ සහයෝගය මෙම ක්‍රියාන්විතය සඳහා බලාපොරොත්තුව වන බවද වැඩිදුරටත් හමුදා මධ්‍යප්‍රකාෂක වරයා කියා සිටිනවා.

LEAVE A REPLY