මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ලෙ ප්‍රදේශයේ දී මීගමුව පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වයස අවුරුදු 24ක් වූ පාකිස්ථානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටීම හේතුවෙන්.

මේ අතර මීගමුව ඇඩ්නිවුස් පාර ප්‍රදේශයේදීද ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටී තවත් පාකිස්ථානු ජාතිකයින් 05 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) දහවල් මෙම මෙහෙයුම් සිදු කර ඇති අතර මෙම පිරිස 18, 23, 25 යන වයස් කාණ්ඩවල පුද්ගලයින් බවයි අනාවරණය වී ඇත්තේ.

ඊයේ රාත්‍රියේ සිට ත්‍රිවිධ හමුදාවට සෘජුව රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය බලය ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති විසින් ගැසට් කිරීමත් සමඟ සැකකටයුතු සියලු ස්ථාන පරික්ෂා කිරීමේ මෙහෙයුමක් ආරක්ෂක අංශ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින අතර මෙම මෙහෙයුම කිසිදු දේශපාලන අත පෙවිමකින් තොරව ක්‍රියාත්මක බව හමුදාපති වරයා ප්‍රකාශකර සිටියා.

LEAVE A REPLY