තිස් වසරක් පුරා රට වෙළාගෙන තිබූ බෝම්බසංස්කෘතිය අවසන් කරන්නට හැකි වූයේ 2009 වසරේ මෙවන් දිනයක නන්දිකඩාල් කලපුවේදී ත‍්‍රස්තවාදීනායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මිනීපෙට්ටියටඇණ ගැසීමෙනි. එතැන් පටන් දෙවියන්ට නොව රටේ රණවිරුවන්ට පින්සිදු වන්නට වසර දහයක් නොහොත් දශකයක් අපි නිදහසේ හුස්ම ගත්තෙමු. යළිත් රටේ බෝම්බසංස්කෘතියක් ඇති නොවෙනු ඇතැයි විශ්වාස කළ අපගේ පාලකයන්ම රටේ රණවිරුවන් පෝරකයඉදිරියේ පෙළ ගස්වා ඇත. බුද්ධි බළකාවල කි‍්‍රයාකාරිකයන් සිපිරි ගෙවල් තුළ ලැගුම් ගෙන මරණයගනිමින් සිටින අතර, ජාතික ආරක්‍ෂාව බින්දුවට වැටී තිබේ. එහෙයින් රටට අද වැදගත්ව ඇති බව පෙනෙන්නේ විදෙස් න්‍යායපත‍්‍රයන්ට අනුව කටයුතු කරමින් පොදු සතුරා හඳුනා ගැනීම නොව දසවසකට පෙර රටේ මානව හිමිකම් කඩ වූයේද? යන්න ගැඹුරින් විමසා බලා යුද්ධයට සහභාගි වූ රජයේ පාර්ශ්වයට දඬුවම්ලබා දීමය.

තිස් වසරක බෝම්බසංස්කෘතිය හේතුවෙන් රටට අහිමිවූ දැ බොහෝය. නොදන්නා අයගේ දැන ගැනීම පිණිස ඒවා යළිත් ආවර්ජනය කළ යුතුව ඇත. ජීවිත දහස් ගණනක්ද නොගිනිය හැකි තරමේ දේපළ හානියක්ද ඉන් සිදුවිණි. බස්බෝම්බ, දුම්රියබෝම්බ මගින් ජීවිත සිය දහස් ගණනක් මරාදැමුනු අතර ලොරිබෝම්බ, කාර්බෝම්බ කඩා වැදී ජනාකීර්ණ තැන්වල තවත් සිය දහස් ගණනක් දෙනා මරාදැමුනේය. මරාගෙනමැරෙනසංස්කෘතියක් ලෝකයට හඳුන්වා දෙමින් ලොව භයානකමත‍්‍රස්තලැයිස්තුවේ ඉහළටම පැමිණි එල්ටීටීඊත‍්‍රස්තවාදීහුමෙරට ජනාධිපතිවරු, ආරක්‍ෂක ලේකම්වරු, හමුදාපතිවරු, හමුදාවේ උසස් නිලධාරීහු, රාජ්‍ය තාන්ති‍්‍රකයන් මැති-ඇමැතිවරු, දේශපාලකයන්, ජනතාව ඉදිරියේ මෙවන් බෝම්බපුපුරුවාහැරි අතර මේ බෝම්බවලින් එසේ ඉලක්ක කළ බහුතරය දිවිහැරගියහ.

අම්මාත් තාත්තාත් එකම බස් රියක, දුම්රියක වැඩට යා නොහැකි තරමේ අවදානමකට අවිශ්වාසයකට පත්කෙරුණු මේ බෝම්බ සංස්කෘතිය හේතුවෙන් රටේ සමස්ත ජන ජීවිතයම අවුලෙන් අවුලට පත්වූ අතර ඊට විසඳුම ලෙස වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ පෙට්ටියට ඇණ ගැසීම හැර වෙන කළ යුතු වූ අන් දෙයක් නොවීය. පැවැති රජය අවසන ඒ තීන්දුව ගනු ලැබුවේ කැබිතිගොල්ලෑවේ බස් බෝම්බයෙන්මියගියඅසරණ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් නැඟූ විලාපයේසංවේදීතාව හේතුවෙන් බව අපි විශ්වාස කරන්නෙමු.

කැබිතිගොල්ලෑවේබස්බෝම්බයද, මාවිල්ආරු සොරොව්වේ සිද්ධියද හේතුවෙන් මිනීමරුප‍්‍රභාකරන්යුද්ධයෙන් ඉල්ලාගෙනකෑවේය. ලෙයටලෙයින්නිමවූ මේ බෝම්බසංස්කෘතියේ අවසානයෙන් මෙරට ‘සාම’ කාරයන්ට, එල්ටීටීඊවාදී ඩයස්පෝරාවට හා රට බෙදී වෙන්වීමේ සිහිනය දුටු විදේශයන්ට හොඳටෝමත් රිදුණු බව රහසක් නොවේ. ශී‍්‍ර ලාංකිකයන් හුදකලා ජාතියක් වූ නිසාමත්, යුද්ධයෙන්බැට කෑ සහ යුද්ධයපරාජය කළ බහුතරය සිංහල බෞද්ධයන් වූ නිසාත් ප‍්‍රභාකරන්ගේ පෙට්ටියට ඇණ ගැසූ හේතුවට දැන් මේ තුන් ආකාර බලවේගයට උචිතය. එසේ හෙයින් දැන් උදාව ඇත්තේ රටේ රණවිරුවන්පෝරකයටදක්කන ඒ විදෙස් කුමන්ත‍්‍රණකරුවන්ගේ අවශ්‍යතා ඉටුකරන මොහොතය. ඊට ගැළපෙන ආණ්ඩු මාරුවකට රට පත්ව තිබේ. රටේ අභාග්‍ය්‍යකට මෙන් ලොව වෙනත් කිසිදු රටක් නොකරන ආකාරයෙන් රටේ (ජාතික) ආරක්‍ෂාව ගණනකටවත් නොගෙන රටේ පැවැති බෝම්බසංස්කෘතිය නිමා කළ විරුවන් දඩයම්කිරීම රටක පාලක පැලැන්තියක් විසින් සිදු නොකළ යුතු කටයුත්තකි.

එහෙත්, දෛවයේ සරදමකට මෙන්, 1815 දී, 1848 දී වැනි යුගවලදී රට පාවාදුන් ජාති ද්‍රෝහීන්ටයළි යළිත් ඉපදී රටබිලිගන්නට දරන වෑයම සිහිපත් කරමින් රට, ජාතිය වනසන්නට දරන උත්සාහයේ ප‍්‍රතිඵල අතරතුර යළිත් මෙරටට බෝම්බසංස්කෘතියක් ඇතිවීම ඛේදනීයතත්ත්වයකි. මීට ඉඳුරාම හේතුව වශයෙන් අප දකින්නේ රටේ ජාතික ආරක්‍ෂාවේ පවතින බිඳ වැටීමය. බුද්ධි අංශවල පවතින අතිශය දුර්වලතාව නොහොත් රාජ්‍ය ප‍්‍රතිපත්ති අනුව යමින් හුදෙක් සාමය, සංහිඳියාව ගැන පමණක් සලකා කටයුතු කිරීමය. ත‍්‍රස්තවාදයනමැති පොදු හතුරා හඳුනා නොගැනීමය.

එල්ටීටීඊයෙන් ඇති කළ බෝම්බසංස්කෘතියටත් වඩා වැඩි, දරුණු නව ප‍්‍රහාරාත්මකබෝම්බසංස්කෘතියක් අද රට තුළ ඇතිව තිබේ. ස්ථාන 8 කදී එකවර බෝම්බප‍්‍රහාරඑල්ලකර දෙසීයකට ආසන්න පිරිසක්මරාදැමීම එල්ටීටීඊයසිටි සමයේ වුව සිදු නොවූ විෂමප‍්‍රහාරමාලාවකි. මඩකලපුව, මීගමුව, කොළඹ දෙහිවල යනාදී වශයෙන් ප‍්‍රදේශ කිහිපයකදී මෙසේ එල්ල කරන ලද ප‍්‍රහාරය නියත වශයෙන්ම හොඳින්

සැලසුම් කර එල්ල කරන ලද අන්තවාදී ප‍්‍රහාරයකි.

එසේම, කනගාටුව වන්නේ මෙසේ බෝම්බප‍්‍රහාර එල්ල කළප‍්‍රහාරකයන් අහිංසක බැතිමතුන් ඒ සඳහා යොදවා ගැනීමය. අපට මෙම ප‍්‍රහාරයත්සමග සිහියට නැෙඟන්නේ කාත්තන්කුඩි පල්ලියට වරක් එල්ල කරන ලද එල්ටීටීඊප‍්‍රහාරයය. නැතහොත් දළදා මැඳුරට හෝ අනුරාධපුර ජයශී‍්‍ර මහ බෝධිය අසලදී ත‍්‍රස්තවාදීහු එල්ලකළ ප‍්‍රහාරය. ඒ සඳහා ඔවුන්ට අරමුණක් තිබිණි. ඒ සිංහල බෞද්ධකමටපහරදීමය. නැතහොත් ඉස්ලාම්වරුන්ටපහරදීමය.

නමුත් මේ ප‍්‍රහාරයඊට හාත්පසින්ම වෙනස් වූවකි. මෙවර ඒ සඳහා ගොදුරු වන්නේ කිතුනු දේව මෙහෙයේ යෙදුණු කිතුනු බැතිමතුන්ය. එසේම කොළඹ ප‍්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක සිටි පිරිස්ය. පාස්කු ඉරිදා දේව මෙහෙයන් සඳහා පැමිණි පිරිස් මෙන්ම, හෝටල් තුළ සිටි පිරිස් අරබයා එල්ල වූ මෙමප‍්‍රහාරමගින් පැහැදිලිව කියවෙන්නේ මෙතෙක් අප බුද්ධි අංශවලට හසු නොවූ, මෙතෙක් අප අපේක්‍ෂා නොකළ ආගමික, අන්තවාදීතෙවැනි පාර්ශ්වයක් මගින් මෙමප‍්‍රහාර සැලසුම් කර එල්ලකරනලද බවය. ශී‍්‍ර ලංකාව අපේක්‍ෂා නොකළ අවස්ථාවක හා පෙර අනතුරු හැඟවීමක් නොමැතිව එල්ලවූ මෙම ප‍්‍රහාරයෙන්ප‍්‍රකට වන්නේ අවශ්‍ය තරම් ‘නිදහස’ ජන සමාජයට ලබාදීමට වත්මන් රජය ගත් තීන්දුව ප‍්‍රකාරව මෙම ප‍්‍රහාරයහාඅන්තවාදී කණ්ඩායම් කි‍්‍රයාත්මක වී ඇති බවය.

ඉඳින් මෙම ප‍්‍රහාරයත්සමග රට යළිත් බෝම්බසංස්කෘතිය නමැති මානසිකත්වයේ ගිලී යෑම වළකාලනු නොහැකි වනු ඇත. වසර 10 ක් තිස්සේ අප විසින් භුක්ති විඳින නිදහස දැන් ඉතින් යළිත් වැළලී යනු ඇත. රට අරාජිකත්වයටපත්වනු ඇති නමුත්, දැන් අප විසින් කළ යුත්තේ තවදුරටත් විදේශ න්‍යායපත‍්‍රානුකූලව කටයුතු කිරීම වහා නවතා රටේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමය. ඒ සඳහා රටේ නායකයන්ට දැවැන්ත වගකීමක් පැවැරී ඇත. දැන් ඉතින් තවත් මෛතී‍්‍ර-රනිල්-මහින්ද-ගෝඨා ආදී වශයෙන් පිල් බෙදීම නොව, පොදු සතුරා හඳුනාගෙන එය පරාජය කිරීම සඳහා වහා පෙළ ගැසිය යුතුය. මන්ද ජාතික ආරක්‍ෂාව අන් හැම දේටමත් වඩා වටිනා නිසාය. ඒ සඳහා තිබිය යුත්තේ කවුරුත් පිළිගන්නා එක් න්‍යායපත‍්‍රයක් මිස විදෙස් න්‍යාය පත‍්‍රයන්ට අනුව කි‍්‍රයා කිරීම නොවේ. රටේ අයහපතට කටයුතු සිදුකරන කවරාකාරයක හෝ දේශපාලකයන්ද සිටී නම් ඔවුන්ද මර්දනයකරමින් ජාතික ආරක්‍ෂාවට මුල්තැන ලබාදීමට කි‍්‍රයා කිරීම රජයේ මෙන්ම විපක්‍ෂයක් ලෙස පක්‍ෂ විපක්‍ෂ දේශපාලකයන් සැම දෙනාගේද වගකීමය.

LEAVE A REPLY