මෙරටට හෙරොයින්ගෙනෙන ප්‍රධාන ජාලයක් වන මාකඳුරේ මධූෂ්ගේ කණ්ඩායම දැන් අන්ත අසරණ වී ඇත. එය තාවකාලික පසුබැස්මක් වුවත් කවුරුන් හෝ මධූෂ් හිරකිරීමෙන් සතුටු වනවානම් එයභයානක සිහිනයකි. මධූෂ්ට අභියෝග කළ අය පමණක් නොව එසේ අභියෝග කරවුන්ගේ හත්මුතු පරම්පරාවම නැති කිරීම මධූෂ්ගේ න්‍යාය විය. ඒ නිසා මධූෂ් මෙරටට රැගෙන විත් බන්ධනාගාර ගත කළහොත් එසේ ගතකළ දා සිට මධූෂ්ට අභියෝගකළ සියලු දෙනා තම ඉරණම ලියා අවසන් කළ යුතු වීමට ඉඩ තිබේ. ඒ මධූෂ්ගේ හැටිය.

දැනටපාතාලයෙනුත්, බුද්ධි අංශ හරහාත් ලැබෙන තොරතුරුවලට අනුව මධූෂ් ලංකාවට පැමිණෙන තෙක් ඔහු සෘජු ලෙස සහ වක්‍රව නායකත්වය දෙන කණ්ඩායම් බලා සිටිති. ඔවුන් මධූෂ් පැමිණි සැණින් මෙතෙක් ඔවුන්ගෙන් පළිගත්සියලු දෙනාගෙන් සිය පළියගැනීමට ක්‍රියා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ අතර ඉහළින්ම සිටිනේ වෙලේ සුදා, සිද්ධික් සහ අන්නාසි මොරිල්ය. මේ තිදෙනා නිසා මධූෂ්ට හිරේලගින්නට සිදු වූ බව බොහෝ අය දන්නා රහසකි. එපමණක් නොව අද වනවිට තවත් රහසක් හෙළි වී ඇතැයි කියති. මධූෂ්ගේ සාදයට කොකේන්යවා ඇත්තේ වෙලේ සුදාගේ ගෝලයන් ලවා බවත් එමකොකේන් එහි පිරිසට ලබාදී පසුව ඩුබායි පොලීසියට ඔත්තු දුන් බවත් පාතාලයේප්‍රසිද්ධ රහසක් බවට පත්වී ඇත. ඒ සිද්ධිය මේ කතාව පිටුපස වෙලේ සුදා සිටිනා බව දැන් පාතාලයේසියලු දෙනා දන්නා කතාවකි.

එලෙස කුඩුපාතාලයේකතාව පැත්තකින් තබා දැන් කියන්නට යන්නේ මෙතරම්කුඩු ප්‍රමාණයක් ලංකාවට එන්නේ කෙසේද යන්න ගැනය. මෙරටට එන කුඩුවලින්95%ක්ම එන්නේ මුහුදු මාර්ගය හරහාය. පාකිස්තානයේ සිට බෝට්ටුවෙන් රැගෙන එනකුඩු මුහුද මැදදි හුවමාරු කර ගැනීම ඔබත් අපත් දන්නා ප්‍රධාන ක්‍රමයකි. එහෙත් වර්තමානයේ එය හාත්පසින්ම වෙනස් වී එය නූතන තාක්ෂණය සමඟ බද්ධ වී ඇත.

එනම් පාකිස්තානයේ සිට රැගෙන එනහෙරොයින්දැන් එකවර ගොඩබිමට රැගෙන ඒමේ හැකියාවක් නැති වීමය. පසුගිය කාලයේ හෙරොයින්ගෑස්ටැංකිවල බහා ගොඩ බිමට රැගෙන ආවත් දැන් එලෙස ද රුගෙන එන්නේ නැත. දැන් අලුත්ම ක්‍රමය වී ඇත්තේ හෙරොයින්මුහුද මැද ගිල්වා තැබීමය. එය සිදුකරන්නේ බෝට්ටුවෙන් ගෙන එනහෙරොයින් අඩංගු විශාල ඇසුරැම් ආරක්ෂිත ලෙස ආවරණය කර ඒ වටා රෙජිෆෝම් ආවරණයක් සැකසීමෙනි. එසේ සකස් කිරීමෙන් අනතුරැව නැංගුරමක එය ගැට ගසා මුහුද මැදට අත හරිනු ලබයි. එසේ අතහරින්නේ ජීපීඑස් චිපයක් ද සමඟය.

එසේ ගිල්වා ගිය පසු මෙරටින් යනකුඩු ජාවරම්කරුවන්ජීපිඑස් තාක්ෂණය ඔස්සේ මුහුද මැද ගිල්වා ඇතිහෙරොයින්පාර්සල් සොයාගන්නා අතර පසුව ධීවර බෝට්ටු හරහා ගොඩබිමට රැගෙන එති. ඉන් අනතුරැව ජංගම ශීතකරණ හරහා මහමගට ගෙනැවිත් එතැනින් වෑන් රථවල පටවනු ලබයි. ඉන් අනතුරුව එකී වෑන් රථ, සුපිරි නිවාස සංකීර්ණවල රථගාල්වල ගාල්වන්නේ පූර්ණ ආරක්ෂාව සමඟය.

එසේකුඩුවෑන් ගාල්වන නිවාස සංකීර්ණවල විදේශිකයන් කිහිපදෙනකු පදිංචිව සිටීම නියත වශයෙන් දැකිය හැක. එනම් ආරක්ෂක අංශවල සාමාජිකයන්ට සැක නොහිතන පරිදි අදාළ හෙරොයින්ප්‍රවාහනය සඳහා යොදාගන්නේ මෙකී විදේශිකයන්ය. එය අභ්‍යන්තර ප්‍රවාහනය සඳහා පමණක් නොව මෙරටින් පිටට රැගෙන යාම සඳහාය. මෙම විදේශිකයන් අහඹුවෙන් යොදාගන්න අතර එක් මෙහෙයුමක් සඳහා එක් පිරිසක් පමණක් යොදා ගැනීම මේ ක්‍රමවේදය අනුව සිදුවේ. ඒ සඳහා විශාල මුදලක් ඔවුන්ට ලබාදෙයි. පහුගිය කාලයේ පොලීසියට කොටු වුණු මාලදිවයින, බංගලිදේශ, ඇමරිකානු, ජාතිකයන් සියලු දෙනාම එවැනි තාවකාලික ප්‍රවාහනය කරන්නන් බව සඳහන් වේ.

මේ අතර විදේශගත වන විදේශිකයන් සඳහා ජාවාරම්කරුවන්විසින් සකසන ලද විශේෂ ගමන් මල්ලක් ලබාදෙනු ලබයි. එම ගමන් මල්ලේ අඩිය සහ ආරක්ෂිත ස්ථාන කිහිපයකමත්කුඩු රැගෙන යාමට හැකිවන ලෙස සකසා ඇත. එයට විශේෂ හේතුව වන්නේ මෙරටට ඇතුළු වනවිටමත්ද්‍රව්‍ය නාශකකාර්යංශයෙන් පරික්ෂා කළත් මෙරටින් පිටවන මගීන් පරීක්ෂා කිරීමටමත්ද්‍රව්‍යකාර්යංශයට අවසරයක් නැති නිසාය. මේ නිසා මෙරටින්කුඩුරැගෙන යාම පහසු කටයුත්තක් වී ඇත. ඒ නිසා මෙරටින්කුඩුවෙනත් රටවලට යාමට ගුවන් මාර්ගය භාවිත කරන තැනට පත්ව ඇත.

කෙසේ වෙතත් මේ වනවිට මෙරට තුළහෙරොයින්වැටලීම සීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමඟහෙරොයින්ප්‍රවාහනය සීෂෙල්ස් රාජ්‍යය වෙත සංක්‍රමණය වී ඇත. ඒ සඳහා අවශ්‍ය බෝට්ටු ලබා ගැනීමට මේ වනවිට මෙරටහෙරොයින්ජාලයේ ප්‍රධානීන්‍ට ඇමතුම් ලබාදීමට පටන් ගෙන ඇති බවට තොරතුරු ලැබී තිබේ. එම ඇමතුම්වලට ප්‍රතිචාර දක්වමින් මේ වනවිට පාකිස්තානමත්ද්‍රව්‍යජාවාරම්කරැවන්ටබෝට්ටු ලබාදීම සිදුකරන බව සඳහන් වේ. කෙසේ වෙතත් මේ වනවිට සීෂෙල්ස් රාජ්‍යය මත්ද්‍රව්‍යජාවාරමේහුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සඳහා ජාවාරම්කරුවෝවැඩකටයුතු සිදුකරමින් සිටිතියි සඳහන් වේ.

මේ වනවිට මෙරටටහෙරොයින්ගෙනඑන ප්‍රධාන ජාලය වන පාකිස්තාන ජාලය තුළ ඇතිව තිබෙන අවුල්සහගත තත්ත්වයක් සමඟ හෙරොයින්ජාවාරමක්‍රමයෙන් ඉන්දියානු ජාවාරම්කරැවන්විසින් තම පැත්තට හරවමින් තිබෙන බවත්පාතාලයෙන්අනාවරණය වේ. ලෝකයේ බාලමහෙරොයින්ඇති ඉන්දියාවට පසුගිය කාලයේ සිය ජාවාරමනිසිලෙස කරගෙන යාමට හැකිවූයේ නැත. ඒ වෙලේ සුදා විසින් පාකිස්තානහෙරොයින්මහා පරිමාණයෙන් මෙරටට ගෙන ඒම නිසාය. පාකිස්තානහෙරොයින්වලඇති රසය නිසා අවසානයේ ඉන්දියානුකුඩුවලටඉඩ නැති විය. කෙසේ වෙතත් දැන් නැවතත් ඉන්දියානුජාවාරම්කරුවන් විසින් මෙරටහෙරොයින්ජාලයට අත ගැසීමට පටන් ගෙන ඇත. එහෙත් එය සාර්ථක වන්නේ නැත. ඒත් මේ සියල්ල සිදුවුවත් තවමත් මෙරටහෙරොයින්ජාවාරමේ(හීරෝ) වන්නේ වෙලේ සුදාය. ඒ නිසා තවමත් වෙලේ සුදා වටා ඇතිහෙරොයින්ජාලය ශක්තිමත්ව පවතින බව කියති.

කෙසේ වෙතත්හෙරොයින්ජාවාරමනතර කිරීමට නම් මීට වඩා නූතන ක්‍රමවේද අනුගමනය කළයුතු අතර එමජාවාරම්කරුවන් ඔත්තුකරුවන්ලෙස සිටීම හරහා එක් කෝණයක් පමණක් ආවරණය වේ. මේ හේතුවෙන් එක පැත්තකින් රට තුළට ගලා එන හෙරොයින්මේරටින් ඉවත් කිරීම තව පැත්තකින් අභියෝගයක්සේම හීනයකි. එකී අරමුණ ජයගන්නට නම් ප්‍රථමයෙන්ම බන්ධනාගාරයතුළ සිට ක්‍රියාත්මකවනපාතාලයත්,කුඩුජාවාරමටත්වැට බැඳිය යුතුය. දූෂිතබන්ධනාගාරනිලධාරීන් අතින් හිරගෙදරට ඇතුළු වන දුරකථන නවතා දැමිය යුතුය. එසේ නොකරන තාක්කල් කෙතරම් පුද්ගලයන් අල්ලාකූඩු කළත්කුඩුජාවාරමහෙල්ලෙන්නෙවත් නැත.

කෙසේ වෙතත් වර්තමාන ජනාධිපතිවරයා කුඩුරජුන් වන වෙලේසුදාලා සිද්දීක්ලා මධුශ්ලා ට ජිවිතයෙන් වන්දිගේවන්නට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට වාර්තා පල වන අතර එය එසේ වුවහොත් මේ වසංගතයෙන් අපේ රට ආරක්ෂා කරගත හැකිය…

 ගයාන් ගාල්ලගේ / www.deshaya.lk

LEAVE A REPLY