සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් පල කල පුවත සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවට ඔහුගේ නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමේ සංස්කාරකවරයා ඉල්ලා ඇත.

සුබදායක පුවතක් බලාපොරොත්තු වන ලෙසද නව දැනුම් දීමේ සදහන්ය.

එම ගිණුමේ මීට පෙර පල කරන ලද සටහනේ දැක්වුනේ නැවත ක්‍රිකට් පිටියේදී හමු නොවන බවත් සහාය දුන් සැමට තෙරුවන් සරණ පතන බවත්ය.

පැරණි සටහන ඉවත් කර එක් කර ඇති නව සටහන පහතින් දැක්වෙයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු එක්දින නායක ලසිත් මාලිංගට ලබාදුන් තරග 12ම ඔහු පරාජයට පත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා සඳහන් කළේය.

අද කොළඹ ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය. තමන් හා මාලිංග ලෝක කුසලානයේ නායකත්වය ගැන කථා කළ බවත් ඒ අනුව කණ්ඩායම නම් කිරීමෙන් පසුව තමන්ගේ මතය ප්‍රකාශ කරන බවට මාලිංග පැවැසූ බවත් තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

ලසිත් මාලිංගගේ නායකත්වයේ ගැටලුවක් නොමැති බවත් ඔහු නායකයා ලෙස දක්ෂතා දක්වා ඉදිරියෙන් සිටියත් කණ්ඩායමේ එකමුතුවක් නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් කණ්ඩායම දිමුත් කරුණාරත්න සමග එකට සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

තරග 12ක් පරාජය වීම ගැන ලසිත්ටත් හේතු තිබූ නමුත් පරාජයේ වගකීම ඔහුත් භාර ගත යුතු බව තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලසිත් මාලිංග පිළිබඳව විවිධ වාර්තා පල වුවත් තවමත් නිල නිවේදනයක් ඔහු විසින් සිදු කොට නැත…

LEAVE A REPLY