ජාත්‍යන්තර අධිකරණයට සම්බන්ධව රෝම සම්මුතියෙන් ඉල්ලා අස්‌වන බව මැලේසියානු අගමැති මහතීර් මොහමඩ් ප්‍රකාශ කර ඇත.

මෙම රෝම සම්මුතිය රටේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ බවද හෙතෙම තවදුරටත් කියා සිටී.

මෙකී රෝම සම්මුතියට එකග වූවොත් මැලේසියාවේ ස්‌වාධීනත්වය අහෝසි වන බවද මැලේසියා අගමැතිවරයා පැවසීය.

මියන්මාරය පවා එම සම්මුතියට අත්සන් කර නැති බව පැවසූ මහතීර් මොහමඩ් එකී සම්මුතියට එකග වූවොත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට මුහුණදීමට රජයට සිදුවන බවද සඳහන් කර ඇත.

හිටපු අගමැති නජිබ් රටේ ධනය සොරකම් කළා. එහෙත් මානව හිමිකම් සංවිධාන ඔහුට එරෙහිව එක වචනයක්‌වත් පැවසූවේ නැහැ. නමුත් එම සංවිධාන මට ද්‍රෝහියා යෑයි හඬ නගනවා යෑයි මැලේසියානු අගමැතිවරයා කීවේය.

මැලේසියාව රෝම සම්මුතියෙන් ඉල්ලා අස්‌වීම ගැන මානව හිමිකම් සංවිධාන විරෝධය දක්‌වා තිබේ.

LEAVE A REPLY