අපේ රටේ බොහෝ දෙනෙක් රට යන්න සහ ගිහින් ජොබ් එකක් කරන්න හීන නවනවා. ඒ වෙනුවෙන් එක එක හොරුන්ට අහු වෙලා ලක්ශ ගනන් නාස්තිත් කරගන්නවා… මේ විස්තරේ බෝට්ටුවෙන් ඉතාලි පනින කොල්ලො කෙල්ලන්ට මේ විස්තරේ වැදගත් වෙයි…ඉතාලියෙ ජොබ් වීසා පිලිබදව පැතිරෙන කතාවේ ඇත්ත විස්තරේ මෙන්න…

වතු වීසා කතන්දරේ සවිස්තරව මෙන්න…

උනු කැවුම් මෙන් යන ආරංචීය 2019 වතු වීසා නීතිය ආවා නේ..දැන් තියෙන ලොකුම ප්‍රරශ්නය මෙකට කොහොමද ඇප්ලයි කරන්නේ???
❗️ එජේන්සි තියෙනවා ද?
❗️ ලංකවේ අයට පුලුවන් ද?
❗️තමන්ටම කරගන්න පුලුවන් ද?

දන්න විදියට කියන්නම් වැරදි තියෙනවා නම් නිවැරදි කරන්න.. සුසාට ස්තුති මෙක මම දැනගත්තේ උගෙන් නිසා…

මෙක ලංකාවේ සිට හෝ ඉතාලියේ සිටින කිසිම ලාංකීකයෙක්ට ඇප්ලයි කරන්න බෑ…

ලංකාවෙ හෝ ඉතාලියේ එජෙන්සිවලට මෙක කරන්න බෑ.ඒ වගේ හොරැන්ට අහුවෙන්න එපා.

දැනට ඉතාලියේ සිටින කිසිම අනවසර සංක්‍රමනිකයෙක්ට නීතිගත වෙන්න බෑ . කොල නැති කෙනෙක්ට වීසා එකක් මේ නීතියෙන් හදාගන බෑ
එතොකට මෙක කරන්න පුලුවන් කාට ද? කොහොම ද?

මෙකට ඇප්ලයි කරන්න පුලුවන් සුදුකම් තියෙන ඉතාලි ජාතිකයේකුට පමනයි.ආදායම් බදු ගෙවන සෑම ඉතාලි ජාතිකයෙකු හරහා මෙයට අයදුම් කරන්න බැහැ. එම ඉතාලි ජාතිකයාට ඝෘතුමය කාලවලට සරිලන ව්‍යාපාරයක නියුතු අයෙක් විය යුතු අතර කෘෂිකර්මයට. හෝටල් ව්‍යාපාර වැනි අයතන හිමිකරැවෙකු හෝ එ හා සමාන සමාගමක හිම්කරැවකු විය යුතුවේ. තවද වාර්ෂික ආදායම යූරෝ 26,000.00 ක ආදායමක් ලබන ඒ හා සමානව රජයට බදු මුදල් ගෙවන ආයතනයක් හෝ පුද්ගලයකු වි යුතුවේ. ඒ හා සමානව මෙයට පෙර සේවකයන් ගෙන්වා නිත්‍යානුකූලව රැකියා ලබාදී තිබෙන අයකුද විය යුතුවේ. මෙයට පෙර සේවකයන් ගෙන්වා පුශ්ණ ඇති
කරගත් සේවායෝජකුට මේ සදහා අයදුම් කිරීමට නොහැකිය.

මේක ඉතාලි රජයේ අමාත්‍යංශයක් වල අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මඟින් වසරකට වරක් කෝටා එකක් ඉදිරිපත් කිරීම මඟින් පුද්ගලයන් තෝරාගනු ලබයි. එය හුදෙක් අපේ රටට පමණක් නොව රටවල් ගණනාවකට ලැබෙන අවස්ථාවකි.

ඒ සඳහා අයැදුම් කිරීමට ලංකාවේ සිටින කෙනෙකුට සෘජුවම බැරිය. ලංකාවෙන් මෙරටට පැමිණීමට නියමිත කෙනා වෙනුවෙන් මෙරට ඉතාලි ජාතිකයෙක් පෙනීසිටිය යුතුය. මෙය හුදෙක් දැන හැඳුනුම් කම මත සිදු වන දෙයකි ! ( ඉතාලි කෙනෙක් දන්න අපේ රටේ කෙනෙක් )එම ඉතාලි ජාතිකයා නොකඩවා ඉතාලි රජයට බදු ගෙවන්නෙකු විය යුතුයි. වාර්ෂික ආදායම යම් සීමාවකට යටත්ව රක්ෂණ පහසුකම් ඇති පුද්ගලයෙක් විය යුතුයි.

එම ඉල්ලුම්පත්‍රය පිටු 14 කට වඩා වැඩි වන අතර, අන්තර්ජාලය ඔස්සේ පුරවා යැවිය යුතුයි. මේ සඳහා ආපසු නොගෙනව මුද්දර ගාස්තුවක්ද අයකරනු ලැබේ.

මෙම වීසා බලපත්‍රය ලැබෙන්නේ මාස 9 කට පමණි. මාස 9 කින් පසු රටින් පිටව යාම සාම්ප්‍රදායික ක්‍රමය වන අතර, ඒ අතර තුර ස්ථීර රැකියාවක් ලැබුනහොත් දිගටම රැඳී සිටීමට ද අවස්ථාව හිමිවේ.

ඔන්න ඉතිං ඔය අවස්ථාවටඇප්ලිකේෂන් ලක්ෂ ගණනින් ලැබෙනවා. ඉතිං එයාල යම්කිසි යාන්ත්‍රණයකට අනුව නියැදියක් වශයෙන් අදාල පිරිස තෝරා ගන්නවා

මෙන්න මේ වෙබ් සයිට් එකෙන් තමා ඔක ඇප්ලයි කරන්න පුලුවන්

http://www.interno.gov.it/it

මචන් බොරැ කියලා බොරැ කරලා මිනිස්සුන්ගේ සල්ලි ගන්න එපා.පුලුවන් කෙනෙක් නම් සදාරණගානකට එන්න ආසාවෙන් ඉන්න එන්න හිත්න් ඉන්න අහිංසකයෙගේ ජිවිතයක් ගොඩ දාපන්.හෙට ඉදන් බොරැ කිය කිය බොරැ කර කර අපේ උන්ගේ සල්ලි ගන්න නම් එපා.

බොරැ කරලා සල්ලි අරගෙන අහුවෙන්නත් එපා අපි නම් ගම් පොටෝ එක්කම ගෘප් එකේ දානවා…

එන්න හිතන් ඉන්න ඔයලාටත් හොරැන්ගේ බටර් වලට අහුවෙන්න එපා.කරැනාකරලා ඔය වැඩේ කරන කෙනා ගැන හොයලා බලලා සල්ලි දෙන්න ගනු දෙනුවලට යාලුකම්
නැති නිසා නීත්‍යානුකුලව ලෝයර් කෙනෙක් ලග අත්සන් කරලා සල්ලි දෙන්න.. හිතවත්කම් වලට මේ දේවල් කරලා, මෝඩ වැඩ කරලා පස්සේ දුක් වෙන්න එපා

සුභ පතනවා ඔයලා හැමොටම ඔයලාගේ හිනය ජය ගන්න ලැබෙවා කියා..ඔයලාට ජේසු පිහිටයි බුදු සරණයි

ජොබ් බැන්ක්
සෙරන්ත

LEAVE A REPLY