දිනෙන් දින රටේ මාර්ග අනතුරු ඉහලයමින් තිබෙන්නේ බොහෝ රියදුරන්ගේ අනාරක්ෂිත ගමන් විලාසය නිසාවෙන් බව රහසක් නැත. මෙම අනතුරු වලින් වැඩි හරියකට දායක වන්නේ අපේ රටේ බස් රියදුරන් වග පාරේ යන ඕනෑම කෙනෙක් තම අත්දැකීමෙන් දන්නා කරුණක්. මගීන්ගේ ජිවිත ගැන හෝ පාරේ ගමන් ගන්න පදිකයන් හා අනෙකුත් වාහන ගැන නොතකා මාරකලෙස සිය බස් රථය ධාවනය කල ලංගම රියදුරකුට එරෙහිවහඬ නැගු තරුණියක් පිළිබඳව ෆේස්බුක් සටහනකින් අනාවරණය වනවා. ඒ සටහන පහතින්…

ඇත්තටම මට මේක ලියන්න ඕන අමු තිත්ත කුණුහරුපෙන්.එහෙම ලිව්වොත් තමා මගෙ ඔළුවෙ තියෙන ආවේගේ ටිකක් හරි අඩුවෙන්නෙ.ඒ හන්දා මේක කියෝලා මට හැදිච්චකම උගන්නන්න නම් එන්න එපා.

ලංකාවෙ ඉන්න වැඩිහරියක් උන් ගෑණුද පිරිමිද කියල නෑ අවජාතකයි.ඒක දන්නවා උනාට අද තරම් දැනිලා නෑ .

උදේ බස් එකට නැග්ගා වැඩට එන්න.දැන් මම බස් එකක් ගැන කිව්ව් ගමන් මට පෞද්ගලික ව උන මොකක්හරි කුණු ගොඩක් කියල තමා හිතෙන්නෙ හුගක් අයට.කලින් සිදුවීමක් නිසා.ඔව් මේකත් මට උන දෙයක් .හැබැයි මට විතරක් නෙවෙයි මුළු බස් එකේ ගිය හැම #සිගෙ පුතාටම උන දෙයක්.හැබැයි උන්ගෙ තියෙන බලු කමට, ආත්මාර්ථකාමිකමට උන්ට තේරෙන්නෙ නෑ ඒක.හොද වැඩේ.කෙලවෙලාම පලයන්

බස් එක ආවෙ අධික වේගයෙන්.තනි ඉරි,ඩබල් ඉරි ඒ ඩ්‍රයිවර් මහත්තයාට අදාල නෑ .මම වාඩි උනේ රියදුරු ආසනය තියෙන පැත්තෙ දෙවෙනියට තියෙන සීට් එකේ ජනේලෙ ලග.

නවගමුව පොලීසියට කිලෝමීටර් එකහමාරක් විතර තියෙන හරියෙ කඩමණ්ඩියකදි මෙයා ඕවර්ටේක් කරනවා.තනි ඉර කපලා.අනික් පැත්තෙ මංතීරුවෙනුත් එහා ට ගිහින් පදිකයන් යන කොටසටම යනකල් බස් එක.මේ කාලකණ්ණියා දාපු එක ඉස්සරහින් එන බයික් එකේ මනුස්සය දකින්නෙ හුගක් ලං වෙලා.මොකක්හරි පිනකට කඩයක් අස්සට වෙන්න බයික් එක දාගන්න ඒ මනුස්සයට බැරි උනානම් මගෙ ඇස් ඉස්සරහ අද ඒ මනුස්සය යට වෙනව.

බස් එක ඔතනදි හිරවෙනවා යන්න බැරුව.වාහන නිසා.අර බයික් එකේ ආව මනුස්සය පුදුම බේරිල්ලක් බේරුණේ.මෙයා බස් එකේ ඩ්‍රයිවර්ට බැනල බහින්න කියනවා .ඌ බහින්නෙ නෑ .අර මනුස්සය ආවේගෙන් හිටියෙ.ගහන්න තරම් කේන්තියක් තියෙන්න ඇති.හැබැයි ගැහුවෙ නෑ .බස් එකට යන්න නොදී එල්ලි එල්ලි බැහැල එන්න කිව්ව පොලිසි යන්න.

එතකොට මගේ එහා පැත්තේ වාඩි වෙලා ඉදපු ඇඟ විතරක් තියෙන පුස් ගොන් නාම්බායි තව අවජාතක වේසිගෙපුතාල තුන් හතර දෙනෙකුයි යනවා අර අහිංසකයා ට ගහන්න.ඇතුලෙ ඉදන් නාකි #කන්නෙක් අර මනුස්සයට ජනේලෙන් එබි එබි බනිනවා.” ඕයි තමුසෙට මුකුත් උනේ නෑනෙ.අපිට යන්න පරක්කු නොකර යනව ” කිය කිය.

ඌ විතරක් නෙවෙයි බස් එකේ ඉදපු එකෙක් කතා කලේ නෑ ඇත්තටම වැරැද්ද කාගෙද කියල.කොහොමහරි බස් එකේ උන් අර මනුස්සයට ගහන්න යද්දි සිද්ධිය බලන් ඉදපු පාරෙ ඉදිය අය බස් එක වට කරන්න හැදුවා.වැඩේ හරියන්නෙ නෑ කියල තේරුන නිසා බස්කාරය ඉක්මනින් මාරුවෙල බස් එක අරන් ආවා.ඊට පස්සෙ මූ නවත්තනවා නවගමුව පොලීසිය ඉස්සරහ.නවත්තල යනවා ආරක්ෂාව ගැන පැමිණිල්ලක් දාන්න බයික් එකේ එකාට විරුද්ධව .මම ඒක දන්නෙ ඩ්‍රයිවර් බැහැල ගිහින් මිනිස්සු කතා වෙද්දි.

“ඔව් අනිවාර්යයෙන් පැමිණිල්ලක් දාන්න ඕන.ඔව්වො මොනව කරයිද දන්නවද? අපිට තව ටිකෙන් එන්න වෙන්නෙත් නෑ ”

” ඌ නිකන් හැප්පුනා වගේනෙ ගහන්න ආවෙ.මම දෙන්න ගියෙ හොද සම්බුවක්.කාලකණ්ණි වේසිගෙ පුත්තු.කවුද දන්නෙ නෑ මුන්ට ලයිශන් දුන්නෙ”

මගෙ ඉවසීමෙ සීමාව පැන්න.

” මේ මහත්මයා නාකි උනේ අකලටද? තමුසෙට පැය බාගයක් පරක්කු උනා කියල හෙන ගහනවද?අර මනුස්සය යට වෙලා මැරුනානම් තමුසෙලගෙ ඔය බයිල වැඩක් තියෙද?මුලින්ම ඇත්ත කතා කරන්න පුරුදු වෙනවා.තමුසෙලා වගේ උන් දැක්කම මේ රටේ ඉන්න එක එපා වෙනව.උඹලගෙ ළමයෙක් ට ඕක උනා නම් උඹේ ඔය පැය බාගෙ පරක්කුව ගැන මෙතන කියවනවද?”

ඔව් එකෙක්වත් කතා කරන්න ආවෙ නෑ .අර මගෙ එහා පැත්තේ ඉදන් ඉදිය අනික් වල් පංකඩයා කියව කියව ඉදියෙ ඌ හෙනමැරය කියල.අරකගෙ අතක් පයක් කඩන්නලු හැදුවෙ.ඩ්‍රයිවර් ට පාරක් හරි ගැහුව නම්.

” මේ හලෝ ඇග තිබ්බ පලියට බූරුවො වගේ හැසිරෙන්න එපා.තමුසෙත් දැක්ක මාත් දැක්ක මොකක්ද උනේ කියල .අප්පිරියයි තමුසෙලා වගේ ආත්මාර්ථකාමි සක්කිලි උදේ පාන්දර දැක්කම.රටේ හිඟන්න්ගෙ ඉදන් ජනාධිපති දක්ව ගිහින් තියෙන්නෙ එකම අවජාතක ජාන සෙට් එක.උඹලාට හරියන්නෙ මේ කාලකණ්ණි ක්‍රමේම තමා.පාරෙ හරියට ගිහින් මැරෙන්නගිය මිනිහා වැරදි කියල මූ හරියි කියන උඹල වගේ උන්ට ඕක උන දවසටවත් උඹලට තේරෙන්නෙ නෑ මේක.එච්චර අමු මී හරක් ආත්මාර්ථකාමි ජඩයි උඹල.”

ඔව් මම බැන්න.කියන්න තියෙන ඔක්කොම කියල.වටේ උන්න එකෙක් ආවෙ නෑ වචනෙකින්වත් තර්ක කරන්න. උන් ඔක්කොම දන්නවා උන් වැරදි බව. මගෙ පිටිපස්සෙන් කතා වෙන්න ඇති . මට වැඩක් නෑ උඹල මං ගැන හිතන එකවත් හිතන්න .මොන කාලකණ්ණි ද ? උඹලව පාරෙ වැටිල ඉන්නවා දැක්කට අහක බලන් යන්න ඕන තරම් පාහරයෝ .බැනල බහින්න හැදුව පොලීසියට අර මනුස්සය වෙනුවෙන් කතා කරන්න .එතකොටම ඩ්‍රයිවර් ආපහු එනවා පැමිණිල්ල බාරගන්න බෑ කියල.

ඔව් ඒක එතනින් ඉවර නෑ .ආයෙ ටික දුරක් එනකොට බලංගොඩ – කොළඹ (98) බස් එක යි (අංක NB 7644) තව එකකුයි මම ගිය බස් එක දෙපැත්තෙන් ම ඕවර්ටේක් කරනවා එකපාර.අපේ බස් එකේ සයිඩ් කණ්නාඩිය කැඩෙනවා.අන්න එතනදී ආයෙ මේකෙ ගිය ලෝඩ් පකීර්ලට සාධාරණය මතක් වෙනවා.” කොහෙද ඕයි යන්නෙ? බලනවා පාරෙ යන හැටි හරක් වගේ “😁😁

මම – මෙච්චර වෙලා ඇස් දෙක ගෙම්බො ලෙව කාලද තිබ්බෙ?

කට පියාගන්නවා.

මේකා ආයෙ ආයෙ යන්නෙම පිස්සෙක් වගේ.වමෙන් ඉස්සර කරම්න ගිහින් එකපාරටම බ්‍රේක් ගහනවා අංගොඩදි.මම අහනවා ” මේ මනුස්සය අමු කාලද මේක ගෙනියන්නෙ? කරුණාකරල බස් එක අයින් කරල නවත්තල වෙන රියදුරෙක් ඉල්ලන්න ඩිපෝවෙන්.මෙයා එක්සයිට් වෙලා නම් එයාට මෙහෙම අරන් යන්න බෑ නෙ” කියල .එතකොට ළඟ එකා කොඳුරනවා ” මෙයා අද අවුලෙන් වගේ .වෙනදා නම් ඕම නෑ කියල ”

තොපි ගිහින් මැරියන්කියල මම බස් එකෙන් බහිනවා වැල්ලම්පිටියේ හන්දියෙන්.මිනිස්සු බලන් ඉන්නවා මම ඩ්‍රයිවර් ගෙ ෆොටෝ එකක් ගන්නවා දොර ලග ඉදන්.බැහැල බස් එකේ ෆොටෝ එකක් ගන්නවා හැරිහැරි බලනවා.

උන් පොන්නයො උනාට මට හොද ජාන ටිකක් තියෙනවා .හැබැයි මම ඒ බස් එකේ කිසිම විස්තරයක් දෙන්නෙ නෑ කාටවත් .හේතුව මොකටද එහෙම අපි වද වෙන්න ඕන?මේ වගේ අමන නරි රැලක් වෙනුවෙන්? උන්ට කවදහරි ඕකම ආපස්සට වෙන්න ඕන.ඒ නිසා ඩ්‍රයිවර් නිදහසේ රස්සාව කරම් ඉදපු දෙන්.

You bastards deserve that kind of fucked life.

උපුටා ගැනීම Nileka Dhananjani ෆේස්බුක් ගිණුම…

LEAVE A REPLY