MG EZS ඉලෙක්ට්‍රික් SUV රථය මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනකක් තබමින් MG Lanka සමාගම පවසන්නේ මෙම රථයෙහි පරීක්ෂණ ධාවනයක් සඳහා දැන් එක්විය හැකි බවයි.

Battery/Motor/BMS වෙනුවෙන් වසර 8 ක් හෝ කිලෝ මීටර 120,000 ක (පළමුව එළඹෙන) වගකීම් කාලයක් හිමිවන මෙම රථය, එක් පූර්ණ ආරෝපණයකින් කිලෝ මීටර 428 ක දුර පරාසයක් ධාවනය කළ හැකි බව සමාගම පවසයි.

ශ්‍රී ලංකාව තුළ මෙම MG EZS ඉලෙක්ට්‍රික් SUV රථයේ මිල රු. ලක්ෂ 67 කි.

Dynamic Red, Pearl Black, Arctic white හා London Blue යන සිව්වර්ණයන්ගෙන් මෙම රථය ලබා ගත හැකිවේ.

MG මෝටර් රථ නිෂ්පාදන සමාගමේ මූලස්ථානය එක්සත් රාජධානියේ පිහිටා තිබෙන අතර ඉහළම බ්‍රිතාන්‍ය ප්‍රමිතීන් යටතේ සියලූම MG මෝටර් රථවල සැලසුම් නිර්මාණ හා ඉංජිනේරුකරුණ කටයුතු Birmingham හිදී සිදුකරනු ලබයි. මෙම මෝටර් රථ එකලස් කිරීම SAIC Motor විසින් චීනයේ දී සිදුකරනු ලබන අතර එය බ්‍රිතාන්‍ය සුපරීක්ෂණය යටතේ වාහන එකලස් කරනු ලබන ලෝකයේ 8 වැනියාට විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වේ.

LEAVE A REPLY