අයිසේ රවී. තමුන්නැහෙලාගේ ගෙවල් බල්බ් සීයකින් විතර තොරණ් වෙලා තිබ්බට, මතක තියා ගන්නවා මේ රටේ ගොඩක් ගෙවල්වල පත්තු වෙන්නේ විදුලි පහන් දෙකයි හෝ තුනක් බව. ඒකත් නිව්වාම ඒ මිනිස්සු ගෙවල්වල වැඩ කරගන්නේ හද එලියෙන් ද?

තූ නොදකින් තොපේ අසමත්කම. රටට අනාගතේ දී ඕනැ වෙන බලශක්තිය ගැන නිසි පුරෝකථනයක් නෑ. බලශක්තිය නෙවේ වෙන කිසිම දෙයක් ගැන සැලසුමක් නෑ. තොපි දෙගොල්ලටම තියෙන්නේ මේක තවත් හප කරලා උරා බොන්ඩ මේක කොහොමද බලේ අල්ලන්නේ කියලා රුජාවක් විතරයි. උඹලා රටට සැලසුම් හැදුවේ නැති උනත් උඹලෑ අනාගතේට නම් සැලසුම් ඕනෑ තරම් හදලා ඇති බව නම් අපි දන්නවා. මේ රටවල් ගිලෙනවා අනාගතේ දි. තොපි නම් පිටරටකට පැන ගනී. ඒත් මේ රටේ මිනිස්සු?

එකාතකට උඹලට බැනලා වැඩක් නෑ. තොපිව පත්කරන්නේ මාත් නියෝජනය කරන මහජනතාව. අපි කෙවිටක් හොයාන අපේ පශ්චාත්භාගෙට නෙලලා රක පුත් වෙනකම් සැපට කාලා බීලා සතුටින් ඉන්ඩකෝ සුදු මහත්තේලා ඈ..

පසු ලිවීම – ජඩමාධ්‍යට…
එලෝ කෝටියකට මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙද්දි ගිහිල්ලා දැන් උයාලගේ ජනපති අපේක්සක කවුද? එයාල අරයා දැම්මොත් ඔයැයිලා දාන්නේ කවුද වගේ ඒවා අහලා ඒවා ලීඩ්ම නිව්ස් කරලත් ගහපල්ලා. මේ රටේ සාකච්ඡාවට ගත යුතු, මතුකල යුතු ප්‍රශ්න නිව්ස් ලයින් එකට යවලා, හෙඩ් ලයින්වලට මිනිස්සුන්ට කුණු ආතල් දෙන ප්‍රවෘත්ති ගැනීම ගැන උඹලත් වගකියන්නෝනේ.
දේශපාලනඥයෝ වැලලෙන්න ඕනෙ නම්, උන් එක්ක වැලලිලා යන්නෝනෙ අනෙක් උන් උඹලා. වැලලිලාම පල…

  • උපුටා ගැනීම – Bhathiya Arthanayake ෆේස්බුක් ගිණුම…