ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා දිවයිනට පැමිණීමෙන් අනතුරුව, පොලිස්මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ප්‍රශ්න කිරීම් අවසන් කර තිබේ.

ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා සහ තවත් පුද්ගලයෙක් ඩුබායි රාජ්‍යෙයන් මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඔවුන් අද(27) පෙරවරුවේ කටුනායක ගුවන්තොටපලින් මෙරටට පැමිණියේය.

පසුව පොලිස්මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ අතර, පැය 7ක අධික කාලයක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව නදීමාල් පෙරේරා මීට සුළු වේලාවකට පෙර එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට නමගිය අපරාධකල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ් සමඟ පිරිසක් ඩුබායිහී ජුමෙයිරා මරීනා ප්‍රෙද්ශයේ තරු පන්තියේ හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර එරට පොලිස් අත්අඩංගුවට පත් විය.

ඒ කොකේන්නැමැති විෂමත්ද්‍රව්‍යළඟ තබාගැනීම සහ පානය කිරීම යන චෝදනාවටඅදාළවයි.

මාකඳුරේ මධූෂ් සමඟ ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන් රෝයන් යන අයද අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් එරට පොලිස් භාරයේ තබාගෙන විමර්ශන ආරම්භ කෙරුණි.

කෙසේවෙතත් දින 50 කට ආසන්න කාලයක් ඩුබායි අත්අඩංගුවේ පසුවීමෙන් අනතුරුව එරටදී අත්අඩංගුවට පත්වූවන් අතර සිටි තරුණ ගායක නදීමාල් පෙරේරා සහ මෙරට බන්ධනාගාර නියාමකවරයෙක් ලෙස කටයුතු කළ ලලිත් කුමාර නැමැත්තා ඩුබායි රාජ්‍යෙයන් පිටුවහල් කිරීමට එම රජය පියවර ගෙන තිබුණි.

ඒ අනුව අද පෙරවරු 6.15 ට පමණ fly dubai ගුවන් සේවයට අයත් FZ 547 ගුවන් යානයෙන් නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයා දිවයිනට පැමිණියේය.

පොලිසීය සඳහන් කළේ මෙරටට පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපල අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස්මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළ බවයි.

ඩුබායි පොලිසීය විසින් අත්අඩංගුවට පත්වූවන්ගේ රුධිරසාම්පල පරික්ෂා කිරීමේදී නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පලවල කිසිදු මත්ද්‍රව්‍යයක්අඩංගුව නොමැති බව එරට ආරංචි මාර්ග සඳහන් කළේය.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ අනෙක් පුද්ගලයා කළුතර බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙක් වන අතර ඔහු අසනීප නිවාඩු ලබා කලක සිට සේවයට වාර්තා නොකළ පුද්ගලයෙක් බව බන්ධනාගාර ආරංචි මාර්ග අණාවරණ කළේය.

LEAVE A REPLY