සිලෝන් බිස්කට් සමාගමේ (CBL) ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි පසුගියදා සිංගප්පුරුවේ United Research Services සහ Asia One සඟරාව එක්ව එක්ව සංවිධානය කරන ලද සම්මාන උළෙලේදී බංගලාදේශයේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය ලෙස සම්මානයට පාත‍්‍ර කර තිබේ.

එසේම බංගලාදේශයේ වේගයෙන්ම වර්ධනය වන සන්නාම නායකත්වය ලෙසද ඔවුන් ගෞරවයට ලක්වී තිබේ. එම සම්මාන උළෙල පසුගියදා සිංගප්පුරුවේදී පැවැත්වින.

සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබදව අදහස් දැක්වූ සිලෝන් බිස්කට් සමාගමේ බංගලාදේශ ප‍්‍රධාන විධායක නිලධාරි ශ‍්‍රී සෝමනාදන් ශ‍්‍රීධරන් මහතා කියා සිටියේ, මෙවැනි සම්මානයකට පාත‍්‍ර වීම විශිෂ්ටත්වය උදෙසා අප සතු කැපවීම සහ උනන්දුව පිළිඹිබු කරනවා. එසේම, මේ හරහා තවදුරටත් අපගේ වර්ධනය සහ ජනප‍්‍රියත්වය රදවා තබා ගැනීමේ වගකීම අප වෙත පැවරෙනවා. තවද, මෙය අප විශිෂ්ටත්වය කරා යන ගමනේදී තැබුණු ප‍්‍රථම පියවරක් සහ ප‍්‍රධාන සන්ධිස්ථානයක් වශයෙන් සලකනවා යනුවෙනි.

පුරා වසර 50කට වැඩි ඉතිහාසයක් තුල රටවල් 64කට අසන්න සංඛාවක තම සන්නාමය තහවුරු කර ගනිමින් ආ ගමන් මගෙහි, CBL සතු නව්‍යකරණය වූ ව්‍යාපාර ක‍්‍රියාදාමයන් මත නැවුම් සහ සුවිශේෂී නිෂ්පාදනයන් වෙළදපොලට දායාද කිරීමට CBL උත්සුක විය. ඒ නිසාම ඔවුන්ගේ සුපිරි ප‍්‍රමිතියෙන් යුතු මන්චි නිෂ්පාදන අඛණ්ඩව වර්ධනය වන අලෙවි වාර්තා පිහිට වූ අතර ඔවුන් සතු ප‍්‍රමිතීන් එලෙසම ආරක්ෂා කර ගැනීමට සමත් වී තිබේ.

මේ පිළිබද අදහස් දැක්වූ සිලෝන් බිස්කට් සමාගමේ සමුහ අධ්‍යක්ෂ සහ CBL ආහාර සමාගම් එකමුතුවේ ප‍්‍රධානි රසිත් වික‍්‍රමසිංහ මහතා සදහන් කලේ, බංගලාදේශයේ සිටින අපගේ මන්චි කණ්ඩායම ලද මෙම ජයග‍්‍රහණය ගැන අප බෙහෙවින් ආඩම්බරයට පත් වනවා. පසුගිය වසර කිහිපය තුළ මන්චි වෙනුවෙන් ඔවුන් කළ කැපවීම සදහා අප ඔවුනට ස්තුතිවන්ත වනවා. එය අපගේ සන්නාමය තවදුරටත් ශක්තිමත් සන්නාමයක් බවට පත් කිරීමට සමත් වුනා යනුවෙනි.

තවදුරටත් අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ, ඔවුනට අමතරව ආරම්භයේ පටන් අපට උපරිම සහයෝගයක් ලබා දුන් සැපයුම්කරුවන් මෙන්ම අපට ලැදී අපගේ පාරිභෝගිකයන් මේ දක්වා ආ ගමනට විශාල ශක්තියක් වුවා. ඔවුන් නොසිටින්නට එය පහසු කර්තව්‍යක් නොවන්න ඉඩ තිබුණා. අද වන විට මන්චි රටවල් 64කට අසන්න සංඛාවක තම ව්‍යාප්තිය තහවුරු කරගෙන තිබෙන්නේ අප කෙරෙහි විශ්වාසය තැබූ එම පාරිභෝගිකයන් නිසයි යනුවෙනි.