ශ‍්‍රී ලංකාවේ පොලිසියට ගොරකා දඩමස්කරන්නත් දඩමස්ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොඳින් දන්නවා. පොලිසිය කියන සියලූ දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නෑ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැතැයි, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවැසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ රියඅනතුරක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිතබන්ධනාගාරගතව සිට මෝසමක්මගින් ඇප ලැබීමෙන් අනතුරුව ඊයේ (7 දා) අනුරාධපුර උසාවිය අසලදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා,

‘‘පසුගිය පළමුවැනිදා මා පැදවූ කැබ් රථය යතුරුපැදියක ගැටීඅනතුරක් සිදුවුණා. මම කනගාටු වෙනවා එම රියඅනතුර වළක්වා ගන්න බැරිවුණ එක ගැන. එක පැත්තකින් මා සතුටුවනවා එතුමියගේ ජීවිතේබේරා ගන්න ලැබීම ගැන. එම මොහොතෙ පාලනයෙන් තොරව පැමිණි යතුරු පැදිය තමයි මගේ වාහනයේ ගැටුනෙ. ඒක තමයි ඇත්ත තත්ත්වය. පොලිසියේ විමර්ශන කටයුතු මේ වනවිට සිදුවෙනවා. අප ඒ විමර්ශන කටයුතු කරගෙන යන්න ඉඩ හැරියා. පස්සෙ රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට මාව ඉදිරිපත් කළා. එතැනින් පසුව දින දාහතරක් රක්ෂිත බන්ධනාගාරගත කර ඊට පසුව මට ඇප ලැබුණා.

මුලින්ම රෝගියා සම්බන්ධයෙන් අපට මොකක්ද කරන්න පුළුවන් කියලා බලලා ඒ සම්බන්ධයෙන් ප‍්‍රථමව කටයුතු කරනවා. නීතිඥයන් බොහෝ දෙනෙක් මේ කටයුත්තට මා වෙනුවෙන් පෙනී සිටියා. ඒ සියලූ දෙනාට මගේ ස්තුතිය පුද කරනවා.

නීතියට අනුව මේ දේවල් සිද්ධ වුණා. අපත් එක්ක එක එක ඇරියස් තියෙන අය ඉන්නවා. දේශපාලන ඇරියස් තියෙන අය ඉන්නවා. එක එක්කෙනාගේ න්‍යාය පත‍්‍රවලට වැඩකරන අයත් ඉන්නවා. පොලිසියෙ ඇතැම් වාර්තා පිළිබඳව අපට ප‍්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා. ඒවා අප නීතියෙන් අධිකරණයට ඒවා ඉදිරිපත් කරලා අධිකරණයෙන් විසඳා ගන්න බලාපොරොත්තු වෙනවා.’’

ලාල් කාන්ත මන්ත්‍රීවරයා දැක්වූ අදහස් පහතින් නරඹන්න…

LEAVE A REPLY